April 24, 2024

යුරෝපයේ සාගරය යට අවන්හල ඉඳිවෙයි

නොර්වේ රාජ්‍යයේ පළමු සාගරය යට පිහිට අවන්හල විවෘත වී තිබෙනවා. පසුගිය මාර්තු මාසයේ 20 වැනිදා පළමුවරට පාරිභෝගිකයන් සඳහා විවෘත කර තිබෙනවා. මෙම අවහන්හලේ පාරිභෝගිකයන් 40 දෙනෙකුට ඉඩ පහසුකම් සපයා ඇති අතර, ඔවුන්ගේ ආරක්ෂාව සඳහා මීටර් 1/2ක් පමණ ඝනකමින් යුක්ත කොන්ක්‍රීට් ආවරණයක් ද පිහිටා ඇත.

සාගරය යට වර්ග අඩි 5,300ක් පුරා ඉඳි වී ඇති මෙම අවන්හලේ අදියර 3ක් පවතින බවද සඳහන් වෙනවා. එමෙන් සාගරයේ දර්ශනයන් දැක බලා ගැනීමට මෙම අවන්හලේ අඩි 36ක දිගින් යුක්ත හාත්පස පෙනෙන වීදුරුක් ද සවි කොට තිබෙනවා.

මෙම අවන්හල ඉඳි කිරීම සඳහා ගත වී තිබුණේ මාස 6ක් පමණ කාලයකි. මෙම ඉඳි කිරීම ටොන් 2,500ක් පමණ බරැති ඉඳි කිරීම සාගරයේ ඕනෑම තත්ත්වයකට මුහුණ දිය හැකි ලෙස නිර්මාණය කර තිබෙන බවද එය නිර්මාණය කළ ඉංජීනේරුවරුන් පවසා තිබුණා.

මෙහි එන පාරිභෝගිකයන් ට මුහුදු ආහාර ලබා ගැනීමට හැකියාක් ඇති අතර ඉතාමත් සැපපහසු ප්‍රේමනීය අවස්ථාවන් ගත කිරීමට ද අවස්ථාව ලැබෙන බව ද සඳහන් වෙනවා.

Rate this item
(0 votes)