April 20, 2024

විකටයෙකු ජනපති කිරීමේ තීන්දුවක්

යුක්‍රේන ජනාධිපතිවරණයේ පළමු වටයෙන්, දේශපාලනය පිළිබඳ අත්දැකීම් රහිත ප්‍රහසන නළුවකු වන වොල්ඩිමයර් සෙලෙන්ස්කි වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමිකරගෙන ඇතැයි එරට පූර්ව මැතිවරණ ප්‍රතිඵල අනාවරණය කළේ ය.
 
අදාළ ප්‍රතිඵලවලට අනුව රූපවාහිනියේ ජනාධිපතිවරයාගේ චරිතයට පණ පෙවූ වොල්ඩිමයර් 30 . 4 %ක ජන්ද ප්‍රතිශතයක් හිමිකරගන්නා විට, වත්මන් යුක්‍රේන ජනාධිපතිවරයා වන පෙට්‍රෝ පොරොෂෙන්කෝට ලැබී ඇත්තේ 17. 8% ක ජන්ද ප්‍රතිශතයක් පමණි.
 
යුරෝපා සංගමයට හිතවාදී ආකල්ප පළකළ මෙම දෙදෙනාම, ලබන මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දෙවන වටයට සහභාගී වීමට නියමිතයි .
 
තමන් මෙම ප්‍රතිඵලයෙන් සතුටට පත්වන නමුත් මෙය අවසන් ප්‍රතිඵලය නොවන බව , 41 හැවිරිදි සෙලෙන්ස්කි විදෙස් මාධ්‍යට පවසා ඇත.
 
මෙවර යුක්‍රේන ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39 දෙනෙකු ඉදිරිපත්ව සිටින නමුත් ඔවුන් කිසිවකුත් 50 %හෝ එය ඉක්මවූ ජන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට අපොහොසත්වීම හමුවේ , වැඩිම ජන්ද ප්‍රතිශතයක් හිමිකරගත් දෙදෙනා පමණක් ලබන අප්‍රේල් 21 පැවැත්වෙන දෙවන ජන්ද විමසීමට සහභාගී වීමට සුදුසුකම් ලබනු ඇති.
 
දූෂණය පිටුදැකීමට සාමාන්‍ය මිනිසකු ජනාධිපතිවරයා බවට පත්වන සිදුවීම පෙන්වන සර්වන්ට් ඔෆ් ද පීපල් නමැති සිය ප්‍රහසන රූපවාහිනී වැඩසටහන යථාර්ථයක් බවට පත්කිරීම සිය අරමුණ බව සෙලෙන්ස්කි විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.
 
Rate this item
(0 votes)