April 20, 2024

ඉන්දියාව ප්‍රති-චන්ද්‍රිකා නාශක අවියක් අත්හදා බලයි

පසුගිය දා ඉන්දියානු යුද බලය ලෝකයට පෙන්වන තවත් සිදුවීමක් වාර්තා වුණා.

"Mission Shakti" නමින් නම් කර තිබුණු මෙම යුද ව්‍යාපෘතියේ දී අත්හදා බැලුණේ ප්‍රති-චන්ද්‍රිකා නාශක මිසයිලයකි.
අභ්‍යාවකාශයේ පවතින ක්‍රියාකාරී චන්ද්‍රිකාවන් ඉලක්ක ගත කර මෙම මිසයිලය එල්ල කළ හැකි බවයි සඳහන් වෙන්නේ. ලෝකයේ මෙම මිසයිල නිපදවා ඇත්තේ රටවල් කිහිපයක පමණයි.

මෙම අත්හදා බැලීමේ දී ඉන්දියානු අභ්‍යාවකාශයේ කක්ෂය ගත කර අැති සියලු චන්ද්‍රිකා මොහොතකට නවතා දමා ඇති අතර භාවිතයෙන් ඉවත් කළ ක්‍රියාකාරී චන්ද්‍රිකාවක් ඉලක්ක ගත කර මෙම අත්හදා බැලීම සිදු කර ඇති බව සඳහන් වෙනවා.

ඉන්දියානු අගමැතිවරයා මෙම අත්හදා බැලීම සාර්ථක වු බව ද පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණා.

මෙම මිසයිලය නිර්මාණය කර තිබුණේ ඉන්දියාවට අයත් ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය නැතිනම් DRDO විසිනි.

Rate this item
(1 Vote)