April 24, 2024

ලෝකයේ කැතම සුනඛයා මිය යයි

2017 වසරේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පැවැති ලෝකයේ කැතම සුනඛයා තේරීමේ තරඟාවලියේ දී ලෝකයේ කැතම සුනඛයා ලෙස කිරුළ පැළැඳි සුනඛ්‍යා ජීවිතයෙන් සමු ගෙන ඇති බව වාර්තා වෙනවා.

මෙම සුනඛයාගේ අයිතිකාරිණිය වන ස්ට්‍රෝම් ෂේලර් පවසා තිබුණේ මෙම සුනඛයා අග්න්‍යාශදාහය (pancreatitis) නිසා මිය ගිය බවයි.

චේස් නැමැති මෙම සුනඛයා Chinese-crested hairless වර්ගයට අයත් සුනඛයෙකි. 2017 වසරේ පැවැති ලෝකයේ කැතම සුනඛයා තේරීමේ තරගයේ දී චේස් ජයග්‍රහණය කරනු ලබන්නේ චේස්ගේ අන්ධ වූ ඇසත්, කකුළුවෙක් මෙන් ඇවිදීමත්, රෝම නැති ශරීරයත් නිසයි.
චේස්ගේ අහිමි වීම තමන්ට දරා ගැනීම නොහැකි දෙයක් බව චේස්ගේ අයිතිකාරිණිය වන ස්ට්‍රෝම් ෂෙලර් මහත්මිය පවසා තිබුණා. චේස්ගේ තැන වෙන සුනඛයෙකුට ගත නොහැකි බව ද ඇය කියා තිබුණා. චේස් මිය යන විට 16 වන වියේ පසු වු බව සඳහන් වෙනවා.
Rate this item
(1 Vote)