April 20, 2024

ලෝකයේ සතුටින් ම සිටින රට තමන්ගේ සතුටට හේතුව හෙළි කරයි

එක්සත් ජාතින්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන විසඳුම් ජාලය (Sustainable Development Solutions Network) හී නවතම වාර්තාව අනුව 2019 වසරේ ලෝකයේ සතුටින් ම සිටින ර⁣ට ලෙස දෙවන වරටත් ෆින්ලන්තය තේරී පත්ව තිබෙනවා.

මෙහි දෙවන සහ තෙවන ස්ථානයන් පිළිවෙළින් ඩෙන්මාර්කය සහ නෝර්වේ රාජ්‍ය හිමි කරගෙන ඇත. ⁣මෙහි ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 130 වැනි ස්ථානයයි. අවසන් ස්ථානයේ දකුණු සුඩානය පසු වේ.

එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් කරන ලබනු නිරීක්ෂණයන් අනුව මෙම වාර්තාව නිර්මාණය කරනු ලබන අතර ඔවුන් ඒ සඳහා විශේෂ නිර්නායකයන් ද භාවිත කරනු ලබයි. රටවල් 156ක් පුරාවට කරන ලද නිරික්ෂණයන් අනුව මෙම නිර්නායක ඔස්සේ ඔවුන් ගණන කිරීම් කරනු ලබන බව සඳහන් වේ.

ෆින්ලන්තය 2018 වසරේ ද ලෝකයේ සතුටින් සිටින රට ලෙස තේරී පත් වී තිබුණා.

ෆින්ලන්තය තමන්ගේ සතුට රැඳී තිබීමට හේතුව ලෙස පවසා තිබුණේ ඔවුන්ගේ රටේ පවතින අලංකාර වු පරිසරයයි. එම පරිසරය රටේ ජනතාවට හොඳ මානසික සහනයක් බව ද ෆින්ලන්තයේ සංචාරක මණ්ඩලය පවසා ඇත. එමෙන් ම ලෝකයේ පිරිසුදු ම රටවල් අතර ද ෆින්ලන්තය ඉහළින් ම ඇත.

Rate this item
(1 Vote)