April 18, 2024

2020 ජනාධිපතිවරණයත් සමග මැවුණු දැවැන්ත රූපය

2020 ඇමෙරිකානු ජනාධිපතිවරණයේ උණුසුම දැන් ම තියා ආරම්භ වී ඇති බවක් පෙනී යනවා. ඒ ටෙක්සාස් ප්‍රාන්තයේ අක්කර දෙකක භූමියක් පුරාවටම නිර්මාණය වු දැවැන්ත නිර්මාණයක් නිසායි.

ඇමෙරිකාවේ ⁣ටෙක්සාස් ප්‍රාන්තයේ හිටපු කොන්ග්‍රස් සභික Beto O'Rourke විසින් 2020 ජනාධිපතිවරණය⁣ට ඉදිරිපත් වන බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඔහුගේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් වෙනස් ම ආකාරයේ දෙයක් කිරීමට ඔහු කටයුතු කර තිබුණා.

එ් අක්කර 2ක භූමියක් පුරාවටම ඔහුගේ රුව දැක්වෙන රූපයක් නිර්මාණය කරමින්. මේ රූපය නිර්මාණය කිරීම සඳහා ඔහු Stan Herd නම් නිර්මාණ ශිල්පියෙකුට ලබා දී තිබුණා. ඔහුට එය නිර්මාණය කිරීම සඳහා සති 2ක පමණ කාලයක් ගත වී තිබුණු අතර ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් 12,000ක මුදලක් ද වැය වී තිබුණා.

මෙම දැවැන්ත රූපය ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් ගුවන්තොටුපොළ ආසන්නයේ නිර්මාණය කර තිබෙනවා. ඉහළ අහසේ සිට බලන විට මෙම රූපය ඉතාමත් පැහැදිළිව දැක ගැනීමට හැකි වන ලෙසයි එය නිර්මාණය කර තිබුණේ. මෙය මැතිවරණයක් තුළ කරන ලද සුවිශේෂිම ප්‍රචාරණ කටයුත්තක් බවත් සඳහන් වෙනවා.

Rate this item
(0 votes)