April 19, 2024

ගොං පොරවලට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්

ස්පාඤ්ඤයේ පැවැත්වෙන ලෝක ප්‍රසිද්ධ “Toro de la Vega” සැනකෙළියේ දී පවත්වන ගොං පොර තරගය තහනම් කරන්නට ස්පාඤ්ඤ ශ්‍රේ්ෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දී ඇති බව වාර්තා වේ.

ලෝකයේ බොහෝ දෙනා අතර දැඩි මතවාදයන් තුඩු දී තිබූ ටෝරෝ ඩී ලා වේගා උත්සවයේ ගොං පොර ඉසව්ව තහනම් කිරීමට ලෝකයේ ක්‍රියාත්මක දැවැන්ත සත්ත්ව සංවිධාන දෙකක් වන PACMA සහ PETA යන සංවිධානයක් දෙක සහ ස්පාඤ්ඤයේ සත්ත්ව සංවිධානයන් විසින් දිර්ඝ කාලයක් තිස්සේ ගොනු කරන ලද පෙත්සම් සලකා බැලීමෙන් පසුව මෙම නඩු තීන්දු ලබා දී ඇති බව සඳහන් වේ.

ටෝරෝ ඩී ලා වේගා උත්සවයේ දී ගොං පොරකරුවන් විසින් ගොන්නු සමග පොර පිටියේ සටන් වදින අතර එහිදී ගොන්නූන් හට කඩුවලින් සහ තියුණු උල් සහිත කෙටි ආයුධවලින් පහර දෙයි. මෙහිදී ගොන්නූහට දැඩි වේදනාවක් සමග මරණය අත් විඳීමට සිදු වේ. මෙය ස්පාඤ්ඤයේ වසර 500ක් තිස්සේ පැවැත ගෙන එන සම්ප්‍රදායක් බව සඳහන් වෙනවා.

නමුත් බොහෝ දෙනා මෙය සම්ප්‍රදායකට වඩා ඝාතනයක් සහ⁣ ලේ වැගිරීමක් බව සලකා එයට විරුද්ධව නඩු මාර්ගයට පිවිසි තිබුණා. මෙහි දී මෙය තහනමට ලක් විය යුතු බවට ඔවුන් තීන්දුව ලබා දෙන ලෙස පවසා තිබුණත් ටෝරෝ ඩී ලා වේගා උත්සවය පැවැත්වෙන Tordesillas නගරයේ කවුන්සිලය විසින් එම තීන්දුවට එරෙහිව 2016 වසරේ දී අභියාචනාවක් ඉදිරිපත් කර තිබුණා.

වසර ගණනාවක් තිස්සේ පැවැති නඩු විභාගයකින් අනතුරුව Tordesillas නගර කවුන්සිලයේ අභියාචනාව ඉවත දමා මෙම ගොං පොරට තහනම් කළ යුතු බව තීන්දුව ලබා දී ඇත.

සත්ත්ව සංවිධානයන් මෙම නඩු තීන්දුව ගැන ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණයට ස්තූතියිය පළ කොට ඇති අතර එය ලෝකයේ සත්ත්ව හිංසනයට විරුද්ධවන්නන් ලැබූ ඓතිහාසික ජයග්‍රහණයක් ලෙස ද පවසා තිබේ. ඔවුන් ඉදිරියේ දී ලෝකයේ මෙවැනි සත්ත්ව හිංසනය පැවැත්වෙන අනිකුත් උත්සවයන්වලට එරෙහිව ද මෙවැනි සටන් ගෙනයන බව ද පවසා තිබේ.

Rate this item
(2 votes)
Last modified on Friday, 22 March 2019 18:20