April 20, 2024

මිය ගිය තල්මසෙකුගේ උදරයේ කිලෝ 40ක පොලිතීන්

පසුගිය 16 වැනිදා පිලිපීනයේ වෙරළට ගොඩ ගැසූ තල්මසෙකුගේ ආමාශය තුළ කිලෝ 40කට ආසන්න පොලීතින් බෑග් තිබුණු බව පිලිපීනයේ ඩාවෝ නගරයේ පිහිටි D'Bone Collector කෞතුකාගාර බලධාරීන් පවසා තිබෙනවා.

Cuvier's beaked වර්ගයට අයත් මෙම තල්මසා පසුගිය 16 වැනිදා පිලිපීනයේ ඩාවෝ සිටි වෙරළට මිය ගොස් ගොඩ ගසා සිටිය දී ධීවරයන් පිරිසක් විසින් සොයා ගනු ලබනවා. පසුව ඔවුන් බලධාරීන් ට ඒ බව දැන්වීමෙන් අනතුරුව D'Bone Collector කෞතුකාගාර නිලධාරීන් පැමිණ තිබෙනවා.

තල්මසා මිය යාමට හේතුව සෙවීම සඳහා මරණ පරික්ෂණයක් පවත්වා ඇති අතර එහිදී ඔවුන් තල්මසාගේ ආමාශයේ තිබී කිලෝ 40කට අාසන්න පොල්තීන් බෑග් ප්‍රමාණයක් සොයාගෙන ඇති බව සඳහන් වෙනවා. ඒ සොයා ගත් පොලිතීන් අතර සහල් දැමීමට ගන්නා උර 14ක්, කෙසෙල් පැළ වගා කිරීමට ගන්නා විශේෂ ප්ලාස්ටික් උර 4ක් සහ තවත් විවිධ ප්ලාස්ටික් බෑග් තිබූ බව සඳහන් වෙනවා. කෞතුකාගාර බලධාරීන් පවසන අන්දමට තල්මසෙකු තුළ තිබූ හමු වු විශාලතම පොලීතින් ප්‍රමාණය එය බවයි සඳහන් වෙන්නේ.

මෙය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් බවත්, සාගර දුෂණය අඩු නොවන දෙයක් බවට පත් වී ඇති බවත් බොහෝ විචාරකයන් පවසා තිබෙනවා. සාගර දූෂණය අවම නොවුණොත් මෙවැනි ආකාරයේ බොහෝ අවාසනාවන්ත, ඛේදවාචකයන් ට ඉදිරියේ දී මුහුණ දීමට සිදු වනු ඇති බවත් ඔවුන් පවසා තිබුණා.
Rate this item
(1 Vote)