April 25, 2024

හීන හැබෑ කර ගන්න නාසය, කන් කපා ගත් තරුණයෙක්

ලෝකයේ බොහෝ දෙනෙක් කැපී පෙනෙන්නට උත්සාහ කරන්න උත්සාහ කරද්දී තමන්ගේ පෙනුම ගැන බොහෝ විදියට හිතනවා. මේ විදියට කැපී පෙනෙන්නට ඇඳුම් පැළැඳුම් ගැනීම, රැවුල වවන එක, හම සුදු කර ගන්න අලේපන භාවිත කිරීම වැනි බොහෝ දේවල් කරනවා. ඒ පෙනුම ලස්සනට තියාගෙන කැපී පෙනෙන්නට උත්සාහ කිරීමක් ලෙසයි.

ඒත් ඔබ අහලා තියෙනවද තමන්ගේ පෙනුම විකෘති කරගෙන කැපී පෙනෙන්නට උත්සාහ කරන කෙනෙක් ගැන. ඔහු නමින් එරික් යෙනීයර් හීන්කැපී රමීරස්. වයස අවුරුදු 22ක් වුණු කොලොම්බියානු ජාතිකයෙක්. කොලොම්බියාවේ වගේ ම ලෝකයේ බොහෝ දෙනෙක් ඔහුව හඳුන්වන්නේ “Kalaca Skull” (කලකා හිස්කබල) යන නමින්. මේ නම එරික් ට පටබැඳෙන්න එයාගේ පෙනුම හේතු වී තිබුණා.

එරික් පුංචි කාලේ ඉඳන් ශරීරයේ අංගයන් වෙනස් කරමින් පෙනුම වෙනස් කර ගැනීම ගැන සෑහෙන්න උනන්දුවක් දක්වපු කෙනෙක් විදියට සඳහන් වෙනවා. එරික් ඒ විදියට එයාගේ පෙනුම වෙනස් කර ගන්න හීන මැව්වත් එයාගේ අම්මා ඒවාට ඉඩ දුන්නේ නැහැ. කාලයකට පස්සේ එරික්ගේ අම්මාගේ මරණය සිදුවීමත් සමඟ එරික් එයාගේ හීනය සැබෑ කර ගන්න කටයුතු කරනවා.

ඒ අනුව එරික් විශේෂ ශල්‍ය කර්මයකට සහභාගී වෙන්නේ එයාගේ පෙනුම වෙනස් ම ආකාරයකට නිර්මාණය කර ගැනීමේ අරමුණ ඇතිවයි. මේ ශල්‍ය කර්මයේ දී එරික්ගේ මුහුණේ පෙනුම හිස් කබලක් ලෙස පෙනෙන ආකාරයට වෙනස් කරනවා. ඒ සඳහා ඔහුගේ කන් දෙක සහ නාසය ද කපා ඉවත් කරන්නට එරික් කටයුතු කරනවා. ශල්‍ය කර්මය අවසානයේ එරික් එයාට ලැබුණු අමුතු පෙනුම දැකලා එයාගේ හීනය සැබෑ වුණු බව කියලා තිබුණා. එයාගේ පෙනුම තවත් තාත්ත්වික අයුරින් නිර්මාණය කර ගැනීම සඳහා එරික් ටැටූ භාවිතයෙන් වෙනම පෙනුමක් නිර්මාණය කර ගන්නවා.

එරික් එයාගේ පෙනුම වෙනස් කර ගත්තාට පස්සේ සමාජයෙන් එයාට එල්ල වුණේ විවිධාකාර අදහස් උදහස්. ඉතින් ඒවාට පිළිතුරු ලෙස එරික් කියලා තිබුණේ "තමන්ගේ පෙනුම වෙනස් කිරීම තමන්ගේ පෞද්ගලික අයිතියක් බවත්, එය තවකෙකුට විවේවචනය කළ නොහැකිය" යන්නයි. අද වෙද්දී එරික් ටැටූ නිර්මාණ ශිල්පියෙකු ලෙස කටයුතු කරනවා. ඉතින් ඔය විදියට තමයි ජීවමාන මිනිස් හිස්කබලක් නිර්මාණය කරගෙන එරික් එයාගේ රටෙත් ලෝකයෙත් කැපී පෙනෙන චරිතයක් බවට පත් වුණේ.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 19 March 2019 09:41