April 19, 2024

ලෝකයේ ම අවධානය දිනා ගත් ප්‍රහාරකයා

මාර්තු 15 දින, ලොව අවධානය වඩාත්ම යොමු වු පුවත වූයේ, නවසිලන්නතයේ මුස්ලිම් පල්ලියකට එල්ල වු ප්‍රහාරයයි. එහි විශේෂත්වය වූයේ ප්‍රහාරකයා විසින් ලෝකයට එය සජීවිව නැරඹිමට ඉඩ සැලැස්වීමයි. ප්‍රහාරය සඳහා ඔහු සුදානම් වන්නේ ඉතා සැලසුම් සහගතවයි. ඔහු ගේ රථයෙන් බැස ගොස් එහි පිටුපස දොර ඇර ඔහුගේ ආයුද සුදානම් කරගනියි. ඒ සමගම ඔහු ගේ රථයේ සංගීතය නාද වේ, එයින් ඇසෙන්නේ ඉතා ජනප්‍රිය රොක් කන්ඩායමක් වන The Crazy World of Arthur Brown ගීතයක් වන ගින්දර ("Fire" ) නැමැති ගීතයයි. “මම තමයි ගින්දර අපායේ දෙයියෝ” ("I am the god of hellfire!") ඝාතකයා කියයි.

දැන් මේ පාටිය පටන් ගමු ("Let's get this party started.") කියමින් නවසිලන්තයේ ක්‍රිස්ට් චර්ච් (Christchurch) ප්‍රදේශයේ අල් නූර් පල්ලියේ මුස්ලිම් බැතිමතුන්ට එල්ලකරන වෙඩි ප්‍රහාරය සජීවිව ලෝකයට දකින්නට ඔහු සැලැස්වමින් ඔහු තම ක්‍රියාන්විතය ආරම්භ කළේය. විඩියෝව සජීවිව නැරඹු ඇතැමෙක් එය විස්තර කළේ ගේම් එකක් ආකාරයට ය. මෙම ඝාතනය පිටුපස බොහෝ සිද්ධාන්ත සහ මතවාද ගැබ්ව ඇත. එය හුදෙක් අපි අසා ඇති ඇමෙරිකාවේ මානසික රෝගියෙකු හෝ පාසලේදි හිරි-හැර වලට ගොදුරු වු සිසුවෙකුගේ වෙඩි තැබිමට වඩා වෙනස් එකකි. ඉතා නිරෝගි ජව සම්පන්න තරුණයෙකු විසින් ක්‍රියාත්මක කරන ලද සැලැසුම් සහගත ප්‍රහාරයකි. නවසිලන්ත රජය මෙම ප්‍රහාරය හැඳින් වුයේ ත්‍රස්තවාදි ක්‍රියාවක් ලෙසයි. 49 දෙනෙකු ඝාතනය විමෙන් ප්‍රහාරය අවසන්විය. තුවක්කුකරු ඇතුලු තවත් කිහිප දෙනෙකු යටත් විය.

මෙහිදි ලෝක අවධානය යොමු වු කාරණාව වුයේ මෙම ඝාතකයා කවුද යන කරුණයි. එහිදි ඔහුගේප්‍රතිපත්ති ප්‍රකාශය (manifesto) හෙළි දරව් විය. එහි දක්වා ඇති පරදි, මෙම ප්‍රහාරය සම්බන්ධව සාකච්ඡාවට බඳුන් විය යුතු කරුණු බොහෝමයක් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඔහු සඳහන් කර ඇත. ඝාතකයා 28 වියැති ඔස්ට්‍රේලියානු සුදු ජාතිකයෙකි. ඔහු සංක්‍රමණිකයින් පිළිකුල් කරන්නෙකි. ඔහු මේ ප්‍රහාරය සඳහා පොලඹවනු ලැබු සාධකයක් වුයේ ඉස්ලාම් අන්තවාදින් විසින් යුරෝපයේ සිදු කරන ලද ප්‍රහාරයන්ය. ඔහු ද එකට එක කිරීමට සිතුවේය, ඔහුට කිසියම් ත්‍රාසයක් ඇති කිරිමට අවශ්‍ය විය. එමෙන්ම, ඔහුට තම මතයට ලෝක අවධානය දිනා ගැනීමට අවශ්‍ය විය.

පිටු 74 ක ලේඛනයක් ඔහු සමාජ මාධ්‍යට ජාලයට මුදා හැරියේ බ්‍රෙන්ටන් ටැරන්ට් (Brenton Tarrant ) නමින්ය. එහිදි ඔහු කියා සිටියේ මෙම ප්‍රහාරයෙන් පසුව තමන් ජීවිත්වන බවත් තම මතය ලෝව පුරා ප්‍රචාරණය කරන බවත්ය. බොහෝ මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ සජිවි දර්ශනයෙන් මිලේච්ඡත්වය පිළිඹිඹු වන බවත් ඔහු සජීවව එය ලෝකයට මුදාහල බවත් ය. නවසිලන්තය වැනි රටක මෙ වැනි දරාගැනීමට අසීරුය. එය බිහිසුනු සජිවිව අත්දැකිමක් විය. තුවක්කුකරු තෝරාගෙන තිබුනේ ආගමිකවතාවත් හි යෙදෙමින් සිටි මිනිසුන්ය, එයි සිකුරාදා දින ආගමික වතාවත් වල යෙදෙන දිනයකි.

බ්‍රෙන්ටන් ගේ සැලසුම් ඉතා සියුම්ය. මෙවැනි ප්‍රහාරයක් කිරිමට තරම් සුදුසු වාතාවරණයක් නවසිලන්තයේ මිස වෙනත් තැනක තිබිය නොහැක. නවසිලන්තය ඉතා සන්සුන් එමෙන්ම ලොවෙන් හුදකලා වු රටකි. ඇමෙරිකාවේ‍ මෙන් ප්‍රසිද්ධියේ වෙඩි තැබීම් එහි දක්නට නැත, අවි-ආයුධ දරණ පොලිස් නිළධාරියෙක් ද දැකිය හැක්කේ කළතුරකිනි. ප්‍රහාරයට පසුව ඔහු කියා සිටියේ, නවසිලන්තයේ තිබෙන හුදකලා බව නිසා මෙම ප්‍රහාරය සඳහා නවසිලන්තය තෝරාගත් බවයි. වැඩි දුරටත් ඔහු කියා සිටියේ ලොවෙන් ඇත්ව තිබෙන නිසා නවසිලන්තය ආරක්ෂකාරි බවත්ය. එහෙත් එවන් රටක් වුව ද සංක්‍රමනිකයින්ගෙන් බේරාගැනීමට අසිරු බවයි.

බ්‍රෙන්ටන් ගේ ජීවිත කථාවට අනුව, ඔහු හැදි වැඩුනේ වැඩකරන ශ්‍රමික පවුලකය, සමාන්‍ය ලමා කාලයක් ගත කළ ඔහු දුප්පත් සිසුවෙකි. ඔහුගේ සුදු ජාතිකවාදි අදහස්වලට අමතරව ඔහු තමන්ව හඳුන්වා දෙන්නේ පරිසරවේදියෙක් සහ පැසිට් වාදියෙක් ලෙසයි. චිනය තමන්ගේ දේශපාලන දැක්මට බොහෝ සමානකම් ඇති රටක් ලෙස ඔහු සිතයි. ධනවතුන්ව අවඥාවට ලක්කරන ඔහු ඇමරිකානු කොන්සර්වේටිව් පාක්ෂික කැන්ඩාස් ඔවෙන්ස් (Candace Owens) තමන් ගේ ආකෘතිය ලෙස සලකයි. ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සටහන් කර ඇති අකාරයට, සුදු ජාතිකයින් ගේ දේශය ආක්‍රමණයට ගොදුරුවෙමින් ඇත. තමන් යුරෝපීය සුදු ජාතිකකයින් සහ මුස්ලීම් ජාතිකයින් අතර තිබෙන ගැටුම කුරුස යුද්ධය වැනි එකකි.

ඔහුව මෙම ක්‍රියාදාමය සඳහා පොළඹවනු ලැබු බොහෝ හේතු ඇත. එයින් ප්‍රධානතම හේතුව වන්නේ 2017 වසරේ ස්ටොල්කහෝම් නුවර ඇති වු ට්‍රක් ප්‍රහාරයයි. උස්බකිස්ථාන් ජාතිකයෙකු ට්‍රක් රථයක් මිනිස්සු දෙසට ධාවනය කර පස් දෙනෙකු මරා දැමිය, ඒ අතර සිටි එකොලොස් හැවිරිදි සිටි ස්විඩිශ් ජාතික දැරියක ද මිය ගියාය. මෙම සිද්ධිය බ්‍රෙන්ටන්ව දැඩි කම්පණයට පත් කර ඇත. තවත් අවස්ථාවක ඔහු ප්‍රංශයට පැමිණි අවස්ථාවක ඔහු කම්පනයට පත්විය. ප්‍රංශයේදි ඔහු ඇවිද ගිය විදිවල ඔහුට දක්නට ලැබුනේ ප්‍රංශ ජාතිකයින් නොව විදේශ සංක්‍රමණිකයින්ය.

මෙවැනි අත්දැකීම් ගොඩක් හමුවේ ඔහු සිය ක්‍රියාන්විතය දියත් කලේය. ක්‍රිස්ට්චර්ච් ප්‍රදේශය ඉලක්ක කර ප්‍රහාරය සිදුකිරිමට සැලැසුම් කලේ මාස තුනක සිටයි. ස්වාධීනව තම මෙහෙයුමේ නිරත වු ඔහු තමන් කිසිදු සංවිධානයකට අයිති නැති බව ප්‍රකාශ කලේය. කෙසේවෙතත් ඔහුට අමතරව තවත් දෙදෙනකු ප්‍රහාරයට එක් වු බව පල්ලියේ සවිකර තිබු කැමරාවල සටහන් විය.

කෙසේවෙතත්, Reborn Knights Templar “නැවත-උපන් නයිට්වරුන්” නම් සංක්‍රමණ විරෝධි කන්ඩායමට කථාකර එහි නායක ඇන්ඩ්‍රිස් බ්‍රිවික් ගෙන් ආශිර්වාදය ලබාගත් බව ඔහු කියා සිටියි. මෙහිදි ඇන්ඩ්‍රිස් බ්‍රිවික් හඳුනාගැනීම වැදගත්ය. නොවිජියානු ජාතිකයෙකු වු ඔහු උග්‍ර දක්ෂිනාංශික ධවලොත්තම වාදියෙකි (White Supremacist ). 2011 වසරේදි ඕස්ලෝ නුවර ඝාතනය මෙහෙය වුයේ ඇන්ඩ්‍රිස් බ්‍රිවික්ය එහිදි පුද්ගලයින් 77 ක් ඝාතනය විය. හතිලිස් වියැති ඔහු මේවන විට සමාජයෙන් හුදකලා කොට සිරගත කර ඇත.

මෙහිදි බ්‍රෙන්ටන්ට තම ප්‍රහාරයෙන් සපුරා ගත යුතු බලාපොරොත්තු ලැයිස්තුවක් තිබිණි. ඔහු මුලිකවම අදහස් කළේ, මෙම ප්‍රහාරයෙන් පසුව යුරෝපයට සංක්‍රමණිකයින් පැමිණිම අඩුකිරිමට හේතුවනු ඇති බවයි. නේටෝ සංවිධානය සහ තුර්කිය ඈත්කර තැබිම ඔහුගේ ඉලක්කයක් වු අතර බටහිර සංක්‍රමණික ක්‍රියාවන් අස්ථාවර කිරීම කෙරෙහි ද අවධානය යොමුකර තිබිණි. එමෙන්ම ඇමරිකාවේ ගිනි අවි නීතියට අවධානය යොමු විය. එමෙන්ම ජාතීන් වෙන් වෙන්ව තැබීම වැනි දිගු කාලීන බලාපොරොත්තු ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ විය. තමන් ජීවත් වන සුදු ජාතින්ගේ අනන්‍යතාව, සහ තම රට ජාතිය ආරක්ෂකිරිම ඔහු ගේ එකායන අරමුණ විය.

ඔහු ජර්මාණු නාසිවාදියෙක් ලෙස හඳුන්වා නොදුන්න ද, ඔහු ගේ විඩියෝවේ දැකිය හැකි පරදි, ඔහු ගේ තුවක්කු වේ විවිධ සංකේත පින්තාරු කර තිබිණි. එක් තැනක ජර්මාණු නාසිවාදි සංකේතයක් වු “කලු ඉර” (Schwarze Sonne -Black Sun) සංකේතය සටහන් කර තිබිණි. එමෙන්ම ඉතා ප්‍රබල සංකේතයක් වු “වචන 14” (14 Words ) නම් සංකේතය ඔහු ගේ ගිනි අවියේ සඳහන් කර තිබිණි. මෙයින් සංකේතවත් වන්නේ ධවලෝත්තම වාදයේ (White Supremacy) සංකල්පය ගොඩ නැගීමේ දී ඇඩොල්ෆ් හිට්ලර් ගොඩ නගාගත් උදෘත පාඨයකි.

ඔහු ගේ ඝාතනයට ඉලක්ක වු අය ස්වදේශීය ජාතිකයින් නොවන අයයි. ඔවුන් එ රටට පැමිණි මුස්ලිම් ජාතිකයින්ය. බ්‍රැන්ටන් ඔවුන් හඳුන්වා තිබුනේ ආක්‍රමණින් හැටියටය. ඔහු විශ්වාස කලේ මෙම ඝාතනයෙන් තමන් කම්පනයට පත් නොවන බවයි. අවසානයේ ඔහු කියා සිටියේ තමන් තම ජාතිය වෙනුවෙන් තම යුතුකම ඉටු කළ බවයි.

Rate this item
(3 votes)