April 19, 2024

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ආරක්ෂා කළ අපුරු මුරකරු

මෙක්සිකානු කුඩු රජතුමා නැත්නම්,ලෝකයේ වැඩියෙන් ම ප්‍රසිද්ධි ප්‍රබල ම භයානකම මත් කුඩු ජාවාරම්කරුවා බවට පත් වෙලා හිටියේ ජෝක්වීන් "එල් චාපෝ " ගුස්මාන් බව හැමෝම දන්නවා. ඔහු⁣ව අල්ලගන්න ගිය හැම වතාවකම ආරක්ෂ අංශවලින් පැනලා යන එක ඔහුට හරිම පහසු දෙයක් බවට පත් වුණා. නමුත් ඔහුව පස්සේ ඇමෙරිකානු ආරක්ෂක අංශ දැඩි ප්‍රයත්නයකින් පස්සේ අල්ල ගන්නවා.

ඒ වගේ මත් කුඩු ජාවාරම්කරුවන් ගේ ලෝකයට ආපු අලුත් සාමාජීකයෙක් ගැනයි මේ ලිපිය,

පසුගිය දවසක ඇමෙරිකානු ආරක්ෂ අංශ කුඩු ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගනු ලබනවා. ඒ තවත් භයානක කෙනෙක් සමඟයි. හැමෝම මේ භයානක කෙනාව හැඳින් වුයේ "එල් චෝම්පෝ" නමින්. මෙයා වෙන කවුරුවත් නෙමෙයි, කිඹුලෙක්.


කුඩු ජාවාරම්කරුවන් සමඟ සිටි එල් චෝම්පෝ ඇ⁣මෙරිකානු ආරක්ෂක අංශ විසින් පසුගිය පෙබරවාරි 08 වැනිදා කළ වැටලීමේ දී ඔවුන් සමඟ සිට මේ විදියට හොයා ගත්⁣තේ සාමාන්‍ය ප්‍රමාණයට වර්ධනය වෙලා හිටිය කිඹුලෙක්.

ආරක්ෂක අංශ පවසන ආකාරයට මෙම මත් කුඩු ජාවාරම්කරුවන් මෙම කිඹුලාව ඔවුන්ගේ ප්‍රධාන ආරක්ෂකයා බවට පත් කරගෙන තිබුණා. මෙම කිඹුලාට "එල් චෝම්පෝ" කියන නම දාලා තිබුණෙත් මෙම වැටලීම කළ ආරක්ෂක අංශ විසින්මයි. මෙයා වර්ධනය වෙලා නොහි⁣ටි නිසා මෙයාව අල්ලගන්න ලේසි වුණා කියලයි සඳහන් වෙන්නේ.

නැත්නම් මෙක්සිකානු කුඩු රජා එල් චාපෝ වගේ මෙයත් ලොකු අමාරු කාරයෙක් වෙන්න තිබුණා. මොකද මේ කිඹුලා එයාගේ ජීවිත කාලේ උපරිම වර්ධනයට ළඟා වුණාම අඩි 7ක් තරම් විශාල වෙනවා. ඒ නිසාම එල් චෝම්පෝ කියන නම මෙයාට තිබ්බා කියලයි ආරක්ෂක අංශ කියන්නේ.

සාමාන්‍යයෙන් මත් කුඩු ජාවාරුම්කරුවන් සමඟ තරමක් දරුණු සුනඛයන්, සර්පයන් වැනි සතුන් සිටීම සාමාන්‍යය දෙයක් බවට පත් වුණත්, කිඹුලෙක් මත් කුඩු ජාවාරුම්කරුවන් සමඟ සිට සොයා ගත් පළවෙනි අවස්ථාව මෙය බව මෙම වැටලීම සිදු කළ පෙන්සිල්වෙනියානු ආරක්ෂක අංශ නම් කියන්නේ.

කොහොම වුණත් මත් ද්‍රව්‍ය ජාවාරම් ලෝකයේ අලුත් ම සාමාජීකයා එල් චෝම්පෝ ව සාන්ත ඔගස්ටීන් කිඹුල් ගොවිපොළ වෙත ⁣පිටත් කර හරිනවා. ඒ එයාගේ ජීවිතයේ සැබෑ නිදහස ලබා දෙන්න ඕන නිසයි. මෙම ජාවාරම තුළ දී මුදලින් ඇමෙරිකානු ඩොලර් 5000ක් ද, මරිජූවානා සහ තවත් ඇසුරුම් ද්‍රව්‍ය කිහිපයක් ද සොයා ගනු ලබනවා. නමුත් මුළු මෙහෙයුමේ දී සොයා ගත්ත අපුරුතම දේ වෙලා තිබුණේ එල් චෝම්පෝ නම් මේ කිඹුලායි.
Rate this item
(0 votes)