April 25, 2024

ලොව උසම කන්ද තරණය කළ බැලලි

ලෝකයේ උසම ස්ථානය ලෙස සලකන්නේ එවරස්ට් කඳු මුදුනයි. මෙය තරණය කරන්න බොහෝ පිරිසක් උත්සාහ කරනවා. සමහර අය මේ තරණය කිරීම් අතර ජීවිතයත් අහිමි කර ගන්නවා. මොකද එවරස්ට් සීතල කඳු මුදුන තුළ ඇති පරිසර සාධක මිනිස්සුන් ට නම් දරා ගන්න ගොඩාක් අමාරුයි.

ඉතින් මේ සීතල හිම කඩා හැලෙන එවරස්ට් කඳු මුදුන තරණය කරන්න අපුරු කෙනෙකු ට හැකි වෙලා තියෙනවා. මෙය නමින් ⁣මෙරා. මෙරා කියන්නේ දඩාවතේ යමින් වීදිවල කාලය ගත කළ බැල්ලක්. මෙයා රාත්තල් 45ක් බර වුණු අතර ටිබෙටියානු මස්ටිෆ් සුනඛයෙක් සහ හිමාලියානු බැටළුවන් බලා ගන්න සුනඛයෙක් දාව තමයි ඇය උපත ලබලා තිබුණේ.

මෙරා මේ අපුරු ගමනට එකතු වෙලා තිබුණේ කත්මන්ඩු නුවර තිබෙන එවරස්ට් තරණය කරන්නන් ගේ සමාජයේ සාමාජීකයන් පිරිසක් සමඟයි. මෙරා ඔවුන් සමඟ එවරස්ට් මුදුණේ අඩි 17,600ක් උඩින් තිබෙන කඳවුර දක්වා ගමන් කර තිබුණා. එතනින් පස්සේ මෙරා තවත් කඳු තරණය කරන්නෙකු වු ඩොන් වාගෝව්ස්කි සමඟ එකතු වෙලා තියෙනවා.

ඔහු සමඟ එකතු වුණු මෙරා කඳු මුදුණේ අපහසුම කොටස තරණය කරන්න පටන් අරන් තියෙනවා. මුල දී වාගෝව්ස්කි හිතලා තිබුණේ ඇය වැඩි දුරක් යන එකක් නැහැ කියලා. ඒත් මෙරා කාගෙවත් උදව්වක් හෝ මඟ පෙන්වීමක් නැතුව ඔහුත් සමඟ කඳු මුදුණු පළ පුරුදු කෙනෙකු මෙන් තරණය කරනවා දැකලා වාගෝව්ස්කි පුදුමයට පත් වෙලා තිබුණා.

වාගෝව්ස්කි සමඟ මෙරා එකතු වෙද්දී, මෙරා සමඟ කඳු මුදුනට ආපු පිරිස කියලා තිබුණේ මෙරා විශේෂ වගේ ම වාසනාව ගෙන එන සහ ⁣ගවේෂණාත්මක හැකියාවක් සහිත බැල්ලක් බවයි. ඉතින් මුල දී වාගෝව්ස්කි ඒ කතාව විශ්වාස නොකළත් මෙරා ගේ වැඩ දැකලා ඔහුට එය විශ්වාස කරන්නට සිදු වුණා.

කඳු තරණයේ සමහර දිනවල අධික සීතලක් පැවතුණු බව වාගෝව්ස්කි කියලා තිබුණා. ඔවුන්ටත් ඒ සීතල දරා ගන්න බැරි වුණු බවත් ඔහු සඳහන් කරලා තිබුණා. මෙරාට ඒ සීතලට ජීවිතය ගලවා ගන්නට බැරි වෙයි කියලයි ඔවුන් හිතලා තිබුණේ. ඒත් මෙරා සාර්ථකව ඒ සියලු අභියෝගයන් ට මුහුණ දීලා තිබුණා.

⁣මීට පෙර හිමාල කඳු තරණයේ දී සුනඛයෙක් ගමන් කර තිබුණු වැඩිම දුර වුයේ අඩි 21,300ක් ඉහළින් තියෙන කඳු නගින්නන්ගේ දෙවන කඳවුර ලෙස හඳුන්වන ස්ථානයට පමණයි. නමුත් මෙරා බැල්ල ඒ වාර්තාව අලුත් කරන්නට සමත් වෙනවා. ඒ අඩි 23,389ක් ඉහළින් තියෙන කඳු මුදුන වෙත ළඟා වෙමිනි. ඒ 2018 නොවැම්බර් මාසයේ දීය.

එවරස්ට් තරණයට ඇවිත් හිටිය සියලු දෙනාම වගේ මෙරාගේ මේ අපුරු වැඩේ දැකලා පුදුමයට පත් වුණා කියලා සඳහන් වෙනවා. කඳු තරණයෙන් පස්සේ මේ විදී බැල්ල ගැන මාධ්‍ය අවධානයටත් ලක්⁣ වෙනවා. මෙරා පස්සේ ඉන්න ස්ථිර තැනකුත් හම්බ වුණා කියලා සඳහන් වෙනවා. ඒ එවරස්ට් ගවේෂණ කඳවුරේ කලමනාකාරතුමා ළඟයි.

ඉතින් ඔන්න ඔය විදියට තමයි මිනිස්සුන්ටත් තරණය කිරීමට අපහසු එවරස්ට් මුදුන විදී බැල්ලක් තරණය කළේ.

Rate this item
(0 votes)