March 28, 2024

අනතුරට ලක් වූ ඉතියෝපියානු ගුවන් යානයේ සිටි සියලු දෙනා ජීවිතක්ෂයට

අනතුරට ලක්වූ ඉතියෝපියානු ගුවන් සමාගමට අයත් ගුවන් යානයේ සිටි සියලුම පුද්ගලයින් මියගොස් ඇති බවට තහවුරු වී ඇත.

පුද්ගලයින් 157 දෙනෙකු රැගත් ඉතියෝපියානු ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් කඩා වැටීමකට ලක්වූ අතර එහි ගමන් ගත් සියලුම පුද්ගලයන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කර සිටියි.

ඉතියෝපියාවේ අඩීස් අබාබා අගනුවර සිට කෙන්යාවේ නයිරෝබි අගනුවර බලා ගමන් ආරම්භ කළ යානයක් මෙලෙස අනතුරට ලක්විය.

ඉතියෝපියානු අගනුවරට කිලෝමීටර් 60ක පමණ දුරින් වු බිෂොෆ්ටු  ප්‍රදේශයට යානය කඩා වැටී තිබු බව සඳහන්ය.

බෝයිංග් 737 වර්ගයේ මෙම යානය ගමන් ආරම්භ කර මිනිත්තු 6කින් පමණ කඩා වැටී ඇති බව සඳහන් විය.

අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 149 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 8 දෙනෙකු එම යානයේ සිට ඇත.

මුදාගැනීමේ මෙහෙයුම් සදහා ගිනි නිවන කණ්ඩායම් මෙන්ම හෙලිකොප්ටර් යානා ද එම ප්‍රදේශයට පිටත්ව ගොස් තිබුණ ද කඩා වැටුණු යානය ගිනිගෙන සම්පුර්ණයෙන්ම විනාශයට පත්වූ බව සිද්ධිය ඇසින් දුටුවෙකු විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

Rate this item
(0 votes)