April 20, 2024

ගුවන් යානයක් පැහැරගැනීමේ උත්සහයක් නිසා හදිසියේ ගොඩ බස්වයි

February 25, 2019

බංගලාදේශයේ ඩකා සිට එක්සත් අරාබි එමිර් රාජ්‍ය දක්වා ගමන් ගත් මඟී ප්‍රවාහන ගුවන් යානයක් පැහැරගැනීමට උත්සහ ගත් පුද්ගලයා බංගලාදේශ ආරක්ෂක අංශ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අදාළ පුද්ගලයා බොයින් 737 වර්ගයේ මෙම ගුවන් යානය ඊයේ රාත්‍රි පැහැරගැනීමට උත්සහ දරා ඇති අතර ගුවන් නියමුවා විසින් එය සාර්ථක ලෙස බංගලාදේශයේ චිතගෝන් ගුවන් තොටුපළ වෙත හදිසි ගොඩබෑමකට ලක් කර ඇති බවයි විදෙස් වාර්ථා සඳහන් කළේය.

පැහැර ගැනීමට උත්සහ ගත් අවස්ථාවේ ගුවන් යානය තුළ කාර්ය මණ්ඩලය සහ මඟීන් 148 දෙනෙකු ගමන් කර ඇති බව සඳහන්ය.

Rate this item
(0 votes)