April 25, 2024

ඩ්‍රෝන සංදර්ශනයක්

February 24, 2019

නව අවුරුදු සැමරුමේ අවසන් උත්සවය වෙනුවෙන් පැවැත්වූ ඩ්‍රෝන සංදර්ශනයක් පිළිබඳව චීනයෙන් තොරතුරු වාර්තා වනවා.

මෙම සංදර්ශනය පැවැත්වුණේ චීනයේ දකුණුදිග හයිනාන් පළාතේ හයිකෝ වෙරළ නගරයේදීයි.

විදුලි බුබුළු යොදාගනිමින් අලෝකමත් කරන ලද ඩ්‍රෝන යානා දහස් ගණනක් උඩු ගුවනේදී ත්‍රිමාණ හැඩතල මවනු එහිදී දක්නට ලැබුණි.

චීන නව අවුරුදු සැමරුමේ අවසන් උත්සවය වන පහන් කූඩු සැණකෙලියට සමගාමිවයි එය සංවිධාන කර තිබුණේය.

සංදර්ශනය නැරඹීමට සංචාරකයන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගිවී සිටියේය.

Rate this item
(0 votes)