April 25, 2024

ගින්දර කඩා හැලෙන දියඇල්ල

February 23, 2019

ගින්දර කඩා හැලෙන ආකාරයෙන් දිස්වන දියඇල්ලක් පිළිබඳව මේ වනවිට විදෙස් මාධ්‍යයන්ගේ වැඩි අවධානයක් යොමුව තිබේ.

ස්වභාවධර්මයේ සුවිශේෂතා කිහිපයක් එකට එක් වී එම දියඇල්ල නිර්මාණය වී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ යෝස්මයිට් ජාතික උද්‍යානයේ මෙම දියඇල්ල පිහිටා තිබේ.

වර්ග කිලෝමීටර් 1200ක් පුරා විහිදුනු මෙම උද්‍යානයේ ජනප්‍රියත්වය සඳහා හේතු වී ඇත්තේ එහි පිහිටා ඇති මෙම ගින්දර ඇල්ලයි.

මෙම ගින්දර ඇල්ල ස්වභාව ධර්මයේ විශ්මිත නිමැවුමක් ලෙස හැඳින්විය හැකියි.

මෙය නිර්මාණය වී තිබෙන්නේ කඳු මුදුනේ තිබෙන ග්ලැසියරය දියවීමෙන්.

ග්‍රීෂ්ම කාලවලදී කඳු ග්ලැසියර දිය වී දියපහරවල් ලෙසින් පහළට ගලායාම සෞම්‍ය කලාපිය රටවල්වල දක්නට ලැබෙන සාමාන්‍ය සංසිද්ධියක්.

මේ ආකාරයෙන් දිය ඇල්ලෙන් ගින්දර කඩාහැලෙන්නාක් මෙන් දිස්වන්නේ හිරු එළිය නිශ්චිත කෝණයකින් දියඇල්ල මත පතිත වන නිසායි.

මෙම දුර්ලභ දර්ශනය දක්නට ලැබෙන්නේ සෑම වසරකම පෙබරවාරි මාසයේ අවසන් සති දෙක තුළ වන අතර මෙවර එය පෙබරවාරි මස 17 වැනිදා සිට 19 දක්වා කාලය තුළ දැකගත හැකි විය.

මෙම කාලය උදාවන තුරු ඡායාරූප ශිල්පීන් මහත් නොඉවසිල්ලෙන් බලා සිටින බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Rate this item
(0 votes)