April 20, 2024

ජපාන ආර්ථිකය සවිමත් කරන චොකලට්

February 19, 2019

චොකලට් කර්මාන්තය ජපාන ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

වාණිජමය සාර්ථකත්වය හමුවේ පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීමට ඇතැම් වෙළඳසැල් විවිධ උපක්‍රම අනුගමනය කරන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පැණිරස කෑම වලින් සංග්‍රහ කිරීමට ජපාන වැසියන් දැඩි රුචිකත්වයක් දක්වන අතර අද වනවිට එය එරට තුළ ජනප්‍රියත්වයෙන් ඉහළ ගොස් තිබේ.

එය කොතරම් ජනප්‍රිය වූවාද යත් එරට චොකලට් වෙළඳපොල අගයයෙන් බිලියන 550ද ඉක්මවයි.

මෑත වසර කිහිපය හා සසඳා බැලීමේදී එය එරට ආර්ථිකයට විශාල පිටුවහලක් බව සමීක්ෂණයකින් පෙන්වා දී ඇත.

ආදරවන්තයින්ගේ දිනය සහ චොකලට් අතර පවතින්නේ අතිශය සමීප සම්බන්ධතාවයකි. 

කෙසේ වෙතත් ජපාන වැසියන් චොකලට් වලින් සිය සමීපතමයින්ට නිරන්තර සංග්‍රහ කරන බව සඳහන්ය.

ආදරවන්තයින්ගේ දිනයට පෙර ඇතැම් සාප්පු සංකීර්ණවල මිල අධික චොකලට් අලෙවි කිරීම සඳහා සුවිශේෂී වූ ස්ථානද පිළියෙළ කර තිබුණි.

මේ අතර වාණිජමය සාර්ථකත්වය පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ඔවුන් විවිධ උපක්‍රම යොදයි. 

ඇතැම් වෙළඳසැල් පාරිභෝගිකයින්ගේ රුචිකත්වය අනුව චොකලට් සකස් කිරීම සඳහා ඔවුන්ගේ සහය ලබගන්නා බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Rate this item
(0 votes)