March 29, 2024

මැසිඩෝනියාවේ නම නිල වශයෙන් වෙනස් වෙයි

February 17, 2019

මැසිඩෝනියා රාජ්‍යයේ නාමය උතුරු මැසිඩෝනියාව ලෙසින් නිල වශයෙන් වෙනස් කර තිබේ.

රටේ නම වෙනස් කිරීම සඳහා දශක ගණනාවක් තිස්සේ අසල්වැසි ග්‍රීසිය සමඟ පැවැති මතභේද අවසන් කරමින්.

රටේ ධජය සහ නේටෝ සංවිධානයේ ධජය නිල වශයෙන් ඔසවමින් උතුරු මැසඩෝනියා වැසියන් මේ සුවිශේෂී අවස්ථාව සමරනු ලැබුණි.

එම උත්සවය අතීත යුගොස්ලෝවියා හි ජනරජ අගනුවර වූ ස්කොපියේ නගරයේ රජයේ ගොඩනැඟිල්ල සමීපයේදී පැවැත් විය.

සිය රටේ නාමය වූ මැසඩෝනියා ජනරජය යන නාමය වෙනස් කරමින් නව නාමයක් යොදාගන්නා බව මේ සතිය ආරම්භයේදී අගමැති සොරාන් සායෙව් අවධාරණය කළේය.

එය රට අත්පත් කරගත් ඓතිහාසික ජයක් බව සැලකෙයි.

Rate this item
(0 votes)