August 22, 2019

මත්ද්‍රව්‍ය ගැන වාර්තා කරන්න ගිය BBC මාධ්‍යවේදී අත්අඩංගුවට

බී.බී.සී පුවත් සේවයට අයත් මාධ්‍යවේදීන් දෙදෙනෙකු ඇතුළු මාධ්‍යවේදීන් පස් දෙනෙකු උගන්ඩාවේදී අත්අඩංගුවට පත්ව තිබේ.

ඒ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ගවේෂණයක නිරත වෙමින් සිටියදීය.

කෙසේ වෙතත් අදාළ මාධ්‍යවේදින් පිරිස නිදහස් කරන ලෙස උගන්ඩා රජයේ ප්‍රකාශයෙකු සඳහන් කර ඇති බව බී බී සී පුවත් සේවය වාර්තා කර සිටිනවා .

පොලීසිය විසින් කුමන හේතුවක් මත ඔවුන් අත්අඩංගුවට ගත්තේද යන්න පිළිබඳව තවමත් පැහැදිළිවී නොමැති අතර කොන්දේසි විරහිතව ඔවුන් නිදහස් කළ යුතු බව එම ප්‍රකාශකයා සඳහන් කර තිබේ .

Rate this item
(0 votes)