April 20, 2024

චීනයේ හාබින් නගරයේ හිමපතනය තවදුරටත්

February 08, 2019

චීනයේ හාබින් නගරයට තවමත් පවතින්නේ හිම පතනය වන දැඩි ශීත කාලගුණයකි.

ශීත කාලගුණ්‍ය මධ්‍යයේ වුවත් එහි වැසියන් උදාවූ නව වසර උත්සවශ්‍රීයෙන් සමරනු ලැබීය.

හෙලොන්ජියැන්ග් පළාතේ පිහිටා තිබෙන හාබින් නගරයේ තවමත් පවතින්නේ සෙල්සියස් අංශක ඍණ 30ක පමණ ඉතා අඩු උණුසුමකි.

මේ හේතුවෙන් හාබින් නගරයේ හිමපතනය තවදුරටත් දැකගත හැකියි.

ඉකුත් දෙසැම්බරයේ ආරම්භ වූ වාර්ෂික හාබින් අයිස් සැණකෙළියත් තවමත් පැවැත්වෙයි.

මේ සියළු කාරණා සහ චීන නව අවුරුදු සැමරුම හේතුවෙන් සංචාරකයින් වැඩිවැඩියෙන් හාබින් නගරය ඇදී එනු මේ දිනවල දක්නට ලැබෙයි.

තම නව අවුරුදු නිවාඩු සමය හාබින් හිම පාරාදීසයේ ගත කිරීම සංචාරකයන්ට ඉතා ප්‍රීතිමත් අත්දැකීමක් වෙයි.

චීන වැසියන්ට අමතරව අමෙරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍යය, ඉන්දියාව රුසියාව වැනි රටවලින්ද සංචාරකයන් බොහෝ පිරිසක් මේ දිනවල හාබින් වෙත පැමිණෙයි.

ඔවුන් වෙනුවෙන් අලංකාර සංදර්ශන රැසක්ද හාබින් නගරයේ සංවිධාන කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Rate this item
(0 votes)