April 19, 2024

ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයන් 7ක් මිය යයි

February 06, 2019

ප්‍රංශයේ පැරිස් අගනුවර ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයන් 7 දෙනෙකු මියගොස් තිබේ.

ඉන් පුද්ගලයන් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයිද සඳහන්.

පැරිස් නගරයේ පිහිටි මහල් අටකින් යුත් ගොඩනැගිල්ලක ඉහළ මහල් දෙක ගින්නට හසුවී තිබේ.

ගින්නෙන් බේරීම සඳහා එහි වැසියන් දැඩි පරිශ්‍රමයක් දරා ඇති අතර ඇතැමුන් ගොඩනැගිල්ලේ වහල මත රැඳී සිටියදී සහන සේවකයන් විසින් මුදාගෙන තිබුණි.

එමෙන්ම බොහෝ පිරිසක් සිය නිවෙස් වල ජනේල වලින් බිමට පැන දිවි බේරා ගැනීමට උත්සහ දරා ඇති බවත් සඳහන්.

ගින්න පාලනය කිරීම සඳහා ගිනිනිවීම් සේවකයන් 200ක් පමණ යොදවා තිබේ.

සිදුවීමෙන් තුවාල ලැබූ පිරිස අතර ගිනි නිවීම් සේවකයින්ද සිටින අතර තුවාල ලද එක් පුද්ගලයෙක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව රෝහල් වාර්තා සඳහන් කළේය.

ගින්නෙන් මියගිය පිරිස තවදුරටත් ඉහළයා හැකි බවද එම වාර්තා සඳහන් කළේය.

අවට පිහිටි ගොඩනැගිලි වලට ගින්නෙන් කිසිදු බලපෑමක් සිදුව නොමැති නමුත් අයිෆල් කුළුණ අවට ප්‍රදේශයෙන් ජනතාව ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Rate this item
(0 votes)