April 20, 2024

බෝම්බ බියකින් ගුවන්තොටුපල වසා දමයි

February 05, 2019

බෝම්බ බියක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ කාර්යබහුලතම ගුවන් තොටුපලක් වන බ්‍රිස්බේන් ගුවන්තොටුපල පැය කිහිපයක් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

ගුවන් තොටුපලේ ආහාර අලෙවිසැලකට පිහියක් රැගෙන පැමිණි පුද්ගලයෙකු විසින් තමන් සතුව බෝම්බයක් ඇති බව පවසමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති බව සදහන්.

එහිදී ඔහු විසින් අලෙවිසැලේ සිටි කාන්තාවකට අරාබි භාෂාවෙන් තර්ජනාත්මක ආකාරයෙන් බැණ වැදී ඇති බව වාර්තා වන්නේය.

මේ හේතුවෙන් ගුවන් තොටුපල පැමිණීමේ සහ පිටවීමේ පර්යන්ත පැය තුනකට අධික කාලයක් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ. 

සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර අදාල පුද්ගලයා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Rate this item
(0 votes)