April 24, 2024

තුර්කිය යූ ටියුබ් තහනම් කරයි 

අන්තර්ජාලයේ වීඩියෝ හුවමාරු වෙබ් අඩවියක්වන යූ ටියුබ් වෙබ් අඩවිය අවහිර කිරීමට තුර්කිය ඊයේ පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

තුර්කි රජයේ හමුදා ප‍්‍රධානීන් සහ ඔත්තු සේවා නිලධාරීන් අතර සාකච්ඡාවක් එම වෙබ් අඩවියේ පළවීම හේතුවෙන් එම පියවර ගෙන තිබේ.

සිරියාව සමග ගැටුමක දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව තුර්කි හමුදා නිලධාරීන් එහි දී සාකච්ඡා කර ඇත. 

තුර්කි අග‍්‍රාමාත්‍ය එර්ඩෝගන් ඒ සම්බන්ධයෙන් එරට විපක්ෂයටයට චෝදනා කරයි.

තුර්කි රජය ඉකුත් සතියේ දී ට්විටර් සමාජ සම්බන්ධතා වෙබ් අඩවිය ද අවහිර කර තිබේ.

Rate this item
(0 votes)