March 28, 2024

මැලේසියාවේ නව රජු අබ්දුල්ලා සුල්තාන්

මැලේසියාවේ නව රජු ලෙස ටෙංකු අබ්දුල්ලා සුල්තාන් අහ්මඩ් ෂා තෝරා පත්කරගෙන තිබේ.

ඒ පස්වන මුහම්මද් රජුගේ අනපේක්ෂිත ඉල්ලා අස්වීමත් සමඟය.

රුසියානු ජාතික කාන්තාවක් සමඟ විවාහ දිවියට ඇතුළත්වූ මැලේසියාවේ පස්වන මුහම්මද් රජු ඉකුත් 6වනදා අනපේක්ෂිත ලෙස රජ කිරුළ අතහරිනු ලැබුවේය.

මැලේසියාවේ රජ කෙනෙකු ඉල්ලා අස්වූ පළමු අවස්ථාව ලෙසත් එය ඉතිහාසයට එක්වී ඇත.

පස්වන මුහම්මද් රජු එම ධුරයේ කටයුතු කරනු ලැබුවේ වසර දෙකක් පමණය.

ඔහුගෙන් අනතුරුව එරට නව රජු ලෙස 59 හැවිරිදි ටෙංකු අබ්දුල්ලා සුල්තාන් අහ්මඩ් ෂා තෝරා පත්කරගෙන ඇත.

ඒ අනුව ඉදිරි වර්ෂ 5 සඳහා මැලේසියාවේ රජු ලෙස සුල්තාන් අහ්මඩ් ෂා කටයුතු කරනු ඇති බව සඳහන් වෙයි.

ඔහු මීට පෙර ආසියානු පාපන්දු සම්මේලනයේ උප සභාපති ධුරය සහ මැලේසියානු පාපන්දු සංගමයේ සභාපති ධුරය හොබවා ඇත.

Rate this item
(0 votes)