April 25, 2024

ඒඩ්ස් රෝගීන් රැසකගේ නම් සහ ලිපිනයන් හෙළිවෙයි

HIV ආසාදිත විදේශිකයින් ඇතුළු 14,000කට අධික පිරිසකගේ රහසිගත ‍තොරතුරු සිංගප්පූරුවෙන් සොරා ගෙන අන්තර්ජාලයට මුදාහැර තිබේ.

ඒ අනුව බලධාරීන් විසින් 2016 වසරේ සෞඛ්‍ය තොරතුරු උල්ලංඝනය පිළිබඳ තොරතුරු අනාවරණය කර ඇති අතර මෙම සොරකම පිටුපස සිංගප්පූරු ජාතික ජ්‍යෙෂඨ වෛද්‍යවරයකුගේ සහායකයකු වූ HIV ආසාදිතයකු සම්බන්ධ බව ඔවුහු විශ්වාස කරති.

නවතම හෙළිදරව්වට අනුව නම්, ලිපින, HIV තත්ත්වය සහ අනෙකුත් වෛද්‍ය තොරතුරු ඇතුළු රහසිගත තොරතුරු ඇතුළත් වේ.

ඒ අනුව HIV ආසාදිත සිංගප්පූරු ජාතිකයන් 5,400ක් සහ විදේශිකයන් 8,800ක‍ගේ 2013 ජනවාරි දක්වා දත්ත මෙසේ අනාවරණය වී තිබ

සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී හියන් ලුන්ග් ඇතුළු HIV ආසාධිතයන් මිලියනයකගේ තොරතුරු අනාවරණය කරමින් සිංගප්පූරු අන්තර්ජාල පද්ධතියට එල්ල වූ සයිබර් ප්‍රහාරයකින් මාස කිහිපයකට පසුව මෙය සිදු වූ බව මාධ්‍ය වාර්තා කරයි.

Rate this item
(1 Vote)