March 29, 2024

ඛශෝජි ඝාතනය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් අරඹයි

තුර්කි රජය කළ ඉල්ලීමකට අනුව, සෞදි මාධ්‍යවේදී ජමාල් ඛශොජි ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට එක්සත් ජාතීන්ගේ මානව අයිතීන් සුරැකීමේ ආයතනයේ මැදිහත් වීමෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ වී තිබේ.

එම පරීක්ෂණය මෙහෙයවීම සිදු කරනු ලබන්නේ ඇග්නස් කැලමාර්ඞ් ඇතුළු පරීක්ෂණ කණ්ඩායමක් විසිනි.

මාධ්‍යවේදී ජමාල් ඛශොජි ඝාතනයට ලක්වූයේ පසුගිය ඔක්තෝබර් 02 වනදා, තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදීයි.

ඝාතනය සිදුවූයේ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ අණ පරිදි යැයි සඳහන් වේ.

කෙසේ නමුත්, සෞදි කුමාරයා මෙන්ම රජ පවුල ද මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වේ.

ඝාතනයට සම්බන්ධ වූ බව පැවැසෙන සෞදි ජාතිකයන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන සෞදි අධිකරණය හමුවට ද යොමු කර තිබේ.

ඇග්නස් කැලමාර්ඞ් ඇතුළු කණ්ඩායම තම පරීක්ෂණ සඳහා ඉස්තාන්බුල් සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වීමට අවසර දෙන්නැයි සෞදි රජයෙන් ඉල්ලීමක් කර ඇති අතර සෞදි රජයෙන් ඊට අවසර ලැබී ඇති බව ද වාර්තා වේ.

පරීක්ෂණ කණ්ඩායම සෞදියට ද පැමිණීමට නියමිතව ඇති බව ද සඳහන් වේ.

සෞදි රජය පවසා ඇත්තේ, පරීක්ෂණ කණ්ඩායමට අවශ්‍ය සහාය නොඅඩුව ලබා දෙන බවයි.

Rate this item
(0 votes)