April 24, 2024

දේශගුණික විපර්යාසවලට අවධානය දෙන්න ගිය පාගමනක්

දේශගුණ විපර්යාස පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කර ගැනීමට බෙල්ජියමේ  විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණි.

එහිදී ඔවුන් බ්‍රසල්ස් අගනුවර වීථි ඔස්සේ එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල දක්වා ගමන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දේශගුණ විපර්යාස පිළිබඳව අවධානයට ලක්කරමින් බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර දැවැන්ත විරෝධතා පා පාගමනක් සංවිධානය කර තිබේ.

එහිදී ඔවුන් දේශගුණ විපර්යාසවලට එරෙහිව සටන් වැදීම සඳහා ලබා දුන් ප්‍රතිඥා ඉටුකරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

දේශගුණ විපර්යාසවලට එරෙහි සටන් පාඨ කියමින් මේ  සඳහා විරෝධතාකරුවන් දහස් සංඛ්‍යාත පිරිසක් ඒකරාශී වී සිටි බවයි වාර්තා වෙයි.

බ්‍රසල්ස් අගනුවර වීථි ඔස්සේ මොවුන් එරට පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල දක්වා ගමන් කළේය.

ඒ  යුරෝපා  සංගමයේ නීති සම්පාදකයින්ගේ අවධානය දේශගුණ විපර්යාස වෙත යොමු කරලීමේ අරමුණින්.

ඇමෙරිකාව ඇතුළු රටවල් 187ක් එළඹුණු පැරිස් ගිවිසුම තුළින් ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2ට අඩු තත්ත්වයක පවත්වා ගැනීමට එකඟතාව පළවී තිබු අතර තවදුරටත් එය සෙල්සියස් අංශක 1.5 මට්ටමට ගෙන ඒම සඳහා උනන්දු කෙරුණා.

එය අවධානයට ලක් කරමින් බ්‍රසල්ස් නුවර මේ ආකාරයේ  විරෝධතාවක් පසුගිය දෙසැම්බර් මාසයේදීත් පවත්වා තිබුණි.

Rate this item
(0 votes)