April 25, 2024

ප්‍රියංකා ගාන්ධි දේශපාලනයට පිවිසීම නිල වශයෙන් සිදුවෙයි

ඉන්දියාවේ හිටපු අගමැති රජීව් ගාන්ධිගේ එකම දියණිය වූ ප්‍රියංකා ගාන්ධි නිල වශයෙන් දේශපාලනයට සම්බන්ධ වී තිබේ.

ඉන්දීය මහ මැතිවරණයට ආසන්නව තිබියදී ප්‍රියංකා දේශපාලනයට එක්වීම සුවිශේෂී අවස්ථාවක් බව දේශපාලන විචාරකයෝ පවසති.

ඉන්දියාවේ නැගෙනහිර ඡන්ද සටනේ වඩාත් වැදගත් ප්‍රාන්තයක් වන උත්තර් ප්‍රදේශ් හි පක්ෂයේ මහ ලේකම් ධුරය ඇයට හිමිවී ඇත.

මීට පෙර පැවති මැතිවරණවලදී සිය මව වූ සෝනියා ගාන්ධිට මෙන්ම, සහෝදරයා වූ රාහුල් ගාන්ධි වෙනුවෙන් මැතිවරණ වේදිකාවට පැමිණි ඇය එකල දේශපාලනයට පැමිණීම ප්‍රතික්ෂේප කළාය.

කොංග්‍රස් පක්ෂ මැතිවරණ ව්‍යාපාරයට නව පණක් ලබාදීමේ අරමුණින් මෙසේ ඇය දේශපාලනයට එකතුකර ගැනීම සිදුවනු ඇති බව දේශපාලන විචාරකයෝ වැඩිදුරටත් පවසති.

Rate this item
(0 votes)