April 24, 2024

මවුත් ඕගන් ගහන අලියා

මවුත් ඕගනය වාදනය කිරීමට හැකි අලියෙක් පිළිබඳව මීට පෙරත් ඉන්දියාවෙන් තොරතුරු වාර්තා විය.

මේ තොරතුරු ඉන්දියාවේ සිටින එම දස්කම ඇති තවත් කෙනරක් පිළිබඳවයි. 

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොයිම්බතෝර් නගරයේ පිහිටි අලි ඇතුන් ප්‍රතියුවීකරණ කඳවුරක වාසය කරන ලක්ෂ්මි නම් මෙම කෙනර මවුත් ඕගනය වාදනය කිරීමට සුවිශේෂී දස්කමක් දක්වයි.

ඇය දිනපතා මිනිත්තු 15ක කාලයක් මවුත් ඕගනය වාදනය කරන බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් ලක්ෂ්මි ජනතාවගේ දැඩි අවධානය සහ ආදරය දිනා සිටින බවත් සඳහන් වෙයි.

වාදනය පුහුණු වන කාලයේදී ලක්ෂ්මි මවුත් ඕගන් හතරක් පමණ කඩා බිඳ දැමුවත් මේ වන විට ඉතා දක්ෂ ලෙස එය වාදනය කිරීමට ඇයට හැකියි.

ආසියාවේ අලිගහණයෙන් සියයට 50ක පමණ පිරිසක් වාසය කරන්නේ ඉන්දියාවේ වන අතර ඔවුන් ඉතා බුද්ධිමත් මෙන්ම වඳවී යාමේ තර්ජනයට මුහුණපා සිටින සත්ත්ව කොට්ඨාසයක්ද වෙයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 January 2019 08:58