April 25, 2024

සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය තරුවක් ව සිටි "බූ" මිය යයි

ලෝකයේම ආදරය දිනාගැනීමට සමත් වූ සුනඛ සුරතලෙක් මියගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය තරුවක් බවට පත්ව සිටි බූ නම් සුනඛයායි.

පොමනේරියන් වර්ගයට අයත් එම සුනඛයා මියයන විට 12 හැවිරිදි වියේ පසු විය.

සිය සුනඛ සගයා ගේ අභාවය සිදු වූ 2017 වසරෙන් පසුව බූ ගේ සෞඛ්‍යය එතරම් යහපත් නොවූ බව සිය සුනඛ සුරතලා පිළිබඳව අදහස් දක්වමින් අමෙරිකාවේ වාසය කරන බූගේ හිමිකරුවන් ප්‍රකාශ කළේය.

ෆේස්බුක් සමාජ ජාලයේ අනුගාමිකයින් මිලියන 16ක් සිටිනා  බූ ගේ මෙම ජනප්‍රියත්වය රූපවාහිනී වැඩසටහන් වල පෙනී සිටීමට සහ බූ නමින් ග්‍රන්ථයක් පවා එළිදැක්වීමට හේතු වී තිබේ.

ඉතාමත් වාසනාවන්ත දිවියකට හිමිකම් කියූ මෙම සුනඛයා එම ජනප්‍රියත්වය නිසාම ලොව දැකුම්කලුම සුනඛයා බවට පත්වීමට භාග්‍යයද හිමිකර ගත්තේය. 

Rate this item
(0 votes)