April 20, 2024

පෝලන්තයේ නගරාධිපතිවරයෙක්ට තියුණු ආයුධයකින් පහර දීමක්

පෝලන්තයේ ඩැන්ස්ක් නගරයේ නගරාධිපතිවරයාට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර තිබේ.

මේ වන විට ඔහු රෝහල්ගතව සිටින අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව විදෙස් වාර්තා සඳහන් කළේය.

පුණ්‍ය අරමුදලක් සඳහා ආධාර රැස් කිරීමේ වැඩසටහනකට සහභාගි වෙමින් සිටින අතරතුර පෝලන්තයේ ඩැන්ස්ක් නගරාධිපති පාවෙල් ආදෙමූවික්ස්ට කිසියම් පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී තිබේ.

නගරාධිපතිවරයා රැඳී සිටි වේදිකාව මතට ගොඩවූ අදාළ පුද්ගලයා ප්‍රහාරය සිදුකරන අයුරු කැමරාවක සටහන්ව තිබුණේය.

සිදුවීමෙන් බරපතළ ලෙස තුවාල ලැබූ නගරාධිපතිවරයා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

ප්‍රහාරය සිදුකළ පුද්ගලයා 27වන වියේ පසුවන අයෙකු බවට හඳුනාගෙන ඇති අතර ඔහුට එරෙහිව අපරාධ වාර්තාද පවතින බවයි පොලිසිය සඳහන් කළේය.

ඔහු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර දේශපාලනික හේතුවක් මත ප්‍රහාරය සිදුකරන්නට ඇති බවටත් පොලිසිය සැක පල කරයි.

Rate this item
(0 votes)