April 19, 2024

ට්‍රම්ප් ජාතිය අමතයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ධවල මන්දිරයේ සුප්‍රකට ඔවල් කාමරයේ සිට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.

මතභේදයට තුඩු දී ඇති අමෙරිකා-මෙක්සිකෝ දේශසීමා අතර ප්‍රාකාරයක් ඉදිකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කිරීමට වහා කටයුතු කළ යුතු බව එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය.

දෙරට අතර දේශසිමාවේ වානේ ප්‍රාකාරයක් සැදීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 5.7ක් වෙන්කිරීම එරට සෙනෙට් මණ්ඩලය ඉදිරියේ ප්‍රතික්ෂේප වූ අතර ඉදිරියේදී රජය සම්බන්ධ කිසිදු ප්‍රතිපාදනයක් වෙනුවෙන් අත්සන් නොතබන බව ජනාධිපතිවරයා අවධාරණය කළේ ඉන් අනතුරුවයි.

පවතින තත්ත්වය සමනය නොවීමෙන් රජයේ ආයතන කිහිපයක කටයුතු මුලුමනින්ම අක්‍රිය වු අතර එතැන් පටන් ඒවායේ සේවකයන් සඳහා කිසිදු වේතනයක්ද ගෙවා නොමැත.

කෙසේ වෙතත් පසුගිය දිනවල ප්‍රකාශ කෙරුණු පරිදි හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ජනාධිපතිවරයා එහිදී කටයුතු කර නොමැති බවද විදේස් මාධය අවධාරණ කරයි.

Rate this item
(0 votes)