April 20, 2024

සියාරා ප්‍රාන්තය උණුසුම්

පාතාල කල්ලි මැඩපැවැත්වීමට බ්‍රසිල රජය ගත් නව ක්‍රියාමාර්ගවලට එරෙහිව එරට සියාරා ප්‍රාන්තයේ දැඩි නොසන්සුන් තත්ත්වයක් උද්ගතවී තිබේ.

කලබල මැඩපැවැත්වීමට අදාළ ප්‍රදේශ වල ආරක්ෂාව තර කර ඇති බවයි වාර්තා වෙයි.

අපරාධ කල්ලියක මැදිහත්වීමෙන් ඇතිවූ කලබලකාරී තත්ත්වය හේතුවෙන් බ්‍රසීලයේ ෆෝට්අලේසා නගරයේ ආරක්ෂාව තර කර තිබේ.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සම්බන්ධ  කල්ලියක් විසින් මෙම කලහකාරී තත්ත්වය නිර්මාණය කළ බවට සදහන් වන අතර ඒ හේතුවෙන් ෆෝට්අලේසා නගරය කේන්ද්‍ර කරගෙන ඝාතන මාලාවක් සිදුවිය.

පසුගිය දින පහක කාලයක් තිස්සේ ෆෝට්අලේසා අයත් සියාරා ප්‍රාන්තයේ ඇති වූ නොසන්සුන් තත්ත්වය අතරතුර බෝම්බ පිපිරීම්, බස් ගිනිතැබීම් සහ බැංකු හා පොලිස් බැරැක්කවලට පහර දී ගිනි තැබීම් ඇතුලු සිදුවීම් විශාල ප්‍රමාණයක් වාර්තා විය.

බ්‍රසීලයේ ක්‍රියාත්මක පාතාළ කල්ලිවල බලය මැඩපැවැත්වීම සදහා ඔවුන් සිරගත් කිරීමේදී නව ක්‍රමවේදයක් හදුන්වාදීමට එරට නව රජය මේ වන විට සූදානමින් පසු වෙයි.

එහි එක් පියවරක් ලෙසින් කණ්ඩායම නොසලකා, අත්අඩංගුවට ගන්නා පාතළ කල්ලි සාමාජිකයින් ඉඩ ඇති ඕනෑම සිර  කදවුරක් වෙත යැවීම එම නව වැඩපිළිවෙල මගින් යෝජනා වී තිබුණි.

පාතාල කල්ලිය අනුව තෝරා ඔවුන් සිරගත කිරීම මෙතෙක් කල් සිදුවුණු අතර ඉන්, ඔවුන්ගේ බලය තවත් ව්‍යාප්තවන බව සංඛ්‍ය ලේඛන මගින් හදුනාගෙන තිබීම හේතුවෙන් මෙසේ නව වැඩපිළිවෙලක් හදුන්වාදුන් බවයි රජය පවසයි.

පවතින තත්ත්වය පාලනය සදහා වැඩි ආරක්ෂක නිලධාරීන් පිරිසක් යොදවා ඇති අතර සිය නව වැඩපිළිවෙල ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවයි ජායිර් බොල්සොනාරෝ ප්‍රමුඛ බ්‍රසීල රජය පෙන්වා දෙයි.

Rate this item
(0 votes)