April 18, 2024

රාවණාගේ ගුවන් තාක්ෂණය

ඉන්දියාවේ පැවති ප්‍රමුඛ පෙළේ විද්‍යා සමුළුවකදී එරට විද්‍යාඥයින් පිරිසක් විද්‍යාත්මක සොයා ගැනීම් කිහිපයක් පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශ ඉදිරිපත් කර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවති ඉන්දීය විද්‍යා කොන්ග්‍රසයේදී අදහස් පළ කළ ඇතැම් විද්වත්හු අයිසැක් නිව්ටන් සහ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සොයා ගැනීම් ද ප්‍රතික්ෂේප කර තිබිණි.

ඔවුන් පැවසුවේ, අතීතයේ වාසය කළ හින්දු ජනයා පියවි සෛල (stem cell) පර්යේෂණ ද සොයාගෙන තිබූ බවය.

හින්දු මිථ්‍යා විශ්වාස සහ ආගමික කරුණු මත පදනම් වූ න්‍යායයන් ඉන්දීය විද්‍යා කොන්ග්‍රසයේ න්‍යාය පත්‍රයට වැඩි වශයෙන් ඇතුළත් වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ.

එහෙත්, විද්වතුන් පවසන්නේ, මෙවර සමුළුවේදී සාමාන්‍ය මට්ටමට වඩා එම න්‍යායයන් කතාබහට ලක්වූ බවය.

දකුණු ඉන්දියාවේ විශ්වවිද්‍යාලයක අංශ ප්‍රධානියෙකු පැරණි හින්දු ලියවිල්ලක් සාක්ෂි ලෙස ඉදිරිපත් කරමින් පැවසුවේ, පියවි සෛල පිළිබඳව ඉන්දියාවේදී මීට වසර දහස් ගණනකට පෙර සොයා ගැනීම් කර තිබූ බවය.

Rate this item
(0 votes)