April 25, 2024

මාධ්‍යවේදී අහමඩ් ෂාහ් ඝාතනයට තිදෙනෙක් වරදකරුවන් කරයි

මාධ්‍යවේදී අහමඩ් ෂාහ් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයින් තිදෙනෙකු ඇෆ්ගනිස්ථාන විශේෂ අධිකරණයක් මගින් වරදකරුවන් කර තිබේ.

බිබිසී ලෝක සේවයේ මාධ්‍යවේදීයෙකු වූ අහමඩ් ෂාහ් හඳුනානොගත් තුවක්කුකරුවන් විසින් 2018 අප්‍රේල් මාසයේදී ඝාතනය කර තිබුණි.

අදාල ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකුට චෝදනා එල්ල වී තිබූ අතර ඉන් එක් පුද්ගලයෙකුට මරණ දඩුවම නියම කර ඇති බව වාර්තා විය. 

දෙවන සැකකරුට වසර 30ක සිරදඩුවක් සහ තෙවැනි සැකකරුට වසර 06ක සිරදඩුවමක් නියම කර ඇති බව සඳහන්ය.

Rate this item
(0 votes)