April 19, 2024

අයියප්පා කෝවිල වඳින්න කාන්තාවන්ට වරම්

වයස අවුරුදු 50ට අඩු කාන්තාවන් දෙදෙනකු කේරලයේ අයියප්පා පූජණීය ස්ථානයට ඇතුළු වී පුද පූජා පැවැත්වූ බව කේරලයේ සබරිමාලා ප්‍රදේශයෙන් වාර්තා වේ. ඊට සහය දකවමින් කිලෝ මීටර් 620ක (සැතපුම් 385) කාන්තා දම්වැලක් සෑදීමට කේරළයේ කාන්තාවෝ කටයුතු කර තිබුණි. පූජණීයස්ථානයට කාන්තාවන්ට ඇතුළු වීමට තිබූ තහනම ශ්‍රේෂඨාධිකරණය විසින් ඉවත් කිරීමෙන් පසු කාන්තාවන් ඊට ඇතුළු වූ පළමු අවස්ථාව මෙයයි. එම තීන්දුව ලබා දෙන ලද්දේ මීට මාස තුනකට පෙරය.

අයියප්පා පූජණීය ස්ථානයට ඇතුළු වීමට ඔසප් වීම සිදු වන වයසේ කාන්තාවන්ට තහනම්ව තිබුණි. මෙසේ ඊට ඇතුළු වී තිබුණේ 40 වැනි වියේ පසුවන කාන්තාවන් බව සඳහන් වේ. අධිකරණ තීන්දුව මගින් ඕනෑම වයසක පසුවන කාන්තාවන්ට එම ස්ථානයට ඇතුළු වීමට අවසර ලබා දී තිබේ.

Rate this item
(0 votes)