March 21, 2019

නාය යෑමකින් පුද්ගලයින් 9ක් ජිවිතක්ෂයට

ඉන්දුනීසියාවේ ජාවා ප්‍රදේශයේ සිදුවූ නාය යෑමකින් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තවත් 41 දෙනෙකු අතුරුදන්ව තිබේ.

සිද්ධියෙන් පුද්ගලයින් තිදෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නායයෑම හේතුවෙන් නිවාස 30 කට අධික සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර පුද්ගලයින් 61 දෙනෙකු පමණ අවතැන්ව සිටින බව සඳහන්.

අතුරුදන් වු පුද්ගලයින් සොයා මුදාගැනීමේ කණ්ඩායම් මෙහෙයුම් කටයුතු සිදු කරන අතර පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඊට බාධා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය  වාර්තා කළේය.

Rate this item
(0 votes)