March 29, 2024

එංගලන්තය ෂොපින් බෑග් මිල දෙගුණ කරයි

December 31, 2018

එංගලන්තය තුළ ෂොපින් බෑග් සඳහා අයකරනු ලබන පැන්ස 5ක මුදල දෙගුණයකින් වැඩි කරමින් එය පැන්ස 10ක් දක්වා වැඩිකර තිබේ.

බ්‍රිතාන්‍යයේ පාරිසරික ලේකම්වරයාගේ අනුදැනුම මත මෙම මිල වැඩිකිරීම සිදුකර ඇත්තේ පරිසර ආරක්ෂණ පියවරක් ලෙසිනි.

2020 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පාරිභෝගිකයන් අතර ප්ලාස්ටික් බෑග් භාවිතය අවම කිරීමේ ව්‍යායාමයේ එක් වැදගත් පියවරක් ලෙස මෙම මිල වැඩිකිරීම හඳුන්වා දෙයි.

එමෙන්ම, එංගලන්තයේ පාසල් තුළද අනවශ්‍ය ආකාරයෙන් ප්ලාස්ටික් බෑග් භාවිතය අවම කරන ලෙසට උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව, පාසල් තුළ ප්ලාස්ටික් බීම බට, ප්ලාස්ටික් බෝතල් සහ ආහාර ඔතන ආවරණ වෙනුවට 2022 සිට විකල්ප හා දිරායන ද්‍රව්‍ය භාවිතයට යොමුවන ලෙසද අධ්‍යාපන ලේකම්වරයා පාසල් වෙත දන්වා තිබේ.

Rate this item
(0 votes)