March 29, 2024

සාගර ප්‍රවාහ බලය යොදාගෙන අත්ලාන්තික් තරණය ඇරඹෙයි

December 30, 2018

සාගර ප්‍රවාහ හෙවත් සාගර අභ්‍යන්තරයෙන් ගලන දියවැල්වල බලය යොදාගෙන බැරලයක හැඩයගත් යාත්‍රාවක නැගී අත්ලාන්තික් සාගරය තරණයට ප්‍රංශ ජාතිකයෙකු ගමන් අරඹා තිබේ.

71 වැනි වියෙහි පසුවන ජීන්-ජේකස් සාවින් නමැති මොහු, ස්පාඤ්ඥයේ කැනරි දූපත්වලින් ගමන් අරඹා ඇති අතර, ඔහු මාස තුනක පමණ කාලයකින් කැරීබියානු දූපත් වෙත පැමිණීමට බලාපොරොත්තු වෙයි.

සම්පූර්ණයෙන්ම ආවරණය වූ බැරලයක හැඩයගත් ඔහුගේ යාත්‍රාව තුළ නිදාගැනීමට තැනක්, කුස්සිය්ක මෙන්ම ගබඩාවක්ද වෙයි.

ඔහුගේ මෙම ව්‍යායාමය සාගර විද්‍යාඥයන්ට අත්ලාන්තික් සාගරයේ ප්‍රවාහ හෙවත් දියවැල් ගැන අවබෝධයක් ලබාගැනීමට මනා පිටුවහලක් වනු ඇති බව කියයි.

ඔහුගේ ගමන පැයට කිලෝමීටර් 2 - 3ත් අතර වේගයකින් සිදුවනු ඇති අතර, ඔහුගේ ගමනේ සම්පූර්ණ දුර කිලෝමීටර් 4,500ක් පමණ වනු ඇත.

මීටර් 3ක් දිගින් යුතු මෙම යාත්‍රාවේ පළල මීටර් 2.10කි. එනම්, වර්ග අඩි හයක පමණ කුටියක් ඔහුට මෙම මාස තුනක කාලය ගත කිරීමට ඉඩක් පවතින අතර, එලැඹෙන ජනවාරි 14 වැනිදා මෙම යාත්‍රාව තුළදීම ඔහු සිය 72 වැනි උපන්දිනය සැමරීමටද සූදානමින් සිටියි. 

Rate this item
(0 votes)