April 20, 2024

ඉන්දුනීසියාවේ සුනාමියක් නිසා 222ක් මරුට - 843ක් තුවාල ලබති

December 24, 2018

ඉන්දුනීසියාවේ සුන්ඩා සමුද්‍ර සන්ධිය ආසන්නයේ සිදුවූ සුනාමියක් හේතුවෙන් පුද්ගලයන් 222දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

ක්‍රකටෝවා ගිනිකන්ද සක්‍රීය වීමත් සමග මුහුද අභ්‍යන්තරයේ සිදුවූ නායයෑමකින් මෙම සුනාමිය ඇතිව තිබෙන බවත්, මේ හේතුවෙන් තවත් පුද්ගලයන් 843දෙනෙකු තුවාල ලබා ඇති බවත් සඳහන් වෙයි.

මේ අතර, ඉන්දුනීසියාවේ ආපදා කළමනාකරණ ආයතනය පවසා සිටියේ සුනාමි තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බවයි. එමෙන්ම, ගොඩනැගිලි රැසකට අලාභානි සිදුව ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

ජාවා සහ සුමාත්‍රා දූපත් වෙන් කෙරෙන සමුද්‍ර සන්ධිය ලෙස සුන්ඩා සමුද්‍ර සන්ධිය සැලකෙයි. එමෙන්ම, එය ජාවා මුහුද සහ ඉන්දියානු සාගරය වෙන් කරන සමුද්‍ර සන්ධියද වෙයි.

Rate this item
(0 votes)