April 16, 2024

දේශසීමා ප්‍රාකාරයට බිලියන 6ක ප්‍රතිපාදන

December 23, 2018

මෙක්සිකෝව සහ අමෙරිකාව අතර දේශසීමා ප්‍රාකාරයක් ඉදිකිරීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 6කට ආසන්න ප්‍රතිපාදන වෙන්ව තිබේ.

කෙසේ වෙතත් ඒ සඳහා සෙනෙට් අනුමැතිය හිමිවේදැයි යන්න සැක සහිත බවත් ඒ වාර්තා වල වැඩිදුරටත් සඳහන්ය.

අමෙරිකාව සහ මෙක්සිකෝව අතර දේශසීමාවේ ස්ථිර ප්‍රාකාරයක් සකස් කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙනා යෝජනාව සඳහා එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහය හිමිව තිබේ.

ඒ අනුව අදාළ ප්‍රාකාරය නිර්මාණය කිරීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 5.7ක් වෙන් කර ඇති බවට අමෙරිකානු පුවත් වාර්තා කර තිබුණි.

දේශසීමා ප්‍රාකාරය වෙනුවෙන් මුදල් වෙන් නොකරන්නේ නම් කිසිදු පනතක් සඳහා අත්සන් නොතබන බව ජනාධිපතිවරයා මීට පෙර අවධාරණය කර සිටියේය.

පනත සඳහා නියෝජිතයන්ගේ අනුමැතිය හිමිවන්නට ඇත්තේ ඒ හේතුවෙන් බව පැවසෙයි.

අමෙරිකාව සහ මෙක්සිකෝව අතර ස්ථිර ප්‍රාකාරයක් සකස් කිරීම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ පොරොන්දු අතර ප්‍රමුඛත්වයක් ගත් කරුණකි.

මධ්‍යම අමෙරිකානුවන් පිරිසක් අමෙරිකාව වෙත සංක්‍රමණය වීමට මේ දිනවල ගන්නා උත්සාහය හේතුවෙන් දේශසිමා ආරක්ෂාව තරකිරීම සඳහා දහස් සංඛ්‍යාත ආරක්ෂක භටයන් අදාළ ප්‍රදේශය වෙත යොමුකිරීමට බලධාරීන්ට සිදුවුණි.

ඒ හේතුවෙන් ප්‍රාකාරය කඩිනමින් ඉදිරිකිරීම කෙරෙහි ජනාධිපතිවරයාගේ දැඩි අවධානය යොමුව ඇති බවද සඳහන්ය.

කෙසේ වෙතත් එරට සෙනෙට් මණ්ඩලය මණ්ඩලය හමුවේ මෙම යෝජනාවට අනුමැතිය හිමිවේදැයි යන්න සැක සහිත බවට විචාරකයන් සැක පළ කරයි.

එබැවින් රජයේ කටයුතු බිදවැටීමේ අවදානමක්ද මතුව ඇති බවට අමෙරිකානු වාර්තා පෙන්වා දී ඇත.

Rate this item
(0 votes)