April 19, 2024

ඇත් දළ තොගයක් කාම්බෝජයේදී අත්අඩංගුවට

December 22, 2018

ටොන් 3.2ක් බරින් යුතු වාර්තාගත අප්‍රිකානු ඇත් දළ ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට කාම්බෝජයේ රේගු බලධාරීන් සමත්ව සිටියි.

කාම්බෝජයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් ලබාදුන් ඔත්තුවකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, එහි අප්‍රිකානු අලි ඇතුන්ගේ දළ 1,026ක් තිබී ඇත.

මෙම කන්ටේනරය මොසැම්බික් රාජ්‍යයේ සිට පැමිණි එකක් බව ෆෙනොම් පෙන් වරායේ රේගු නිලධාරීහු පවසති.

එය පසුගිය වසරේදී වරාය වෙත ලැබී තිබුණත්, මෙම කන්ටේනරය භාරගැනීම සඳහා එහි හඳුනා නොගත් ප්‍රතිග්‍රාහකයා වරාය වෙත නොපැමිණ ඇති බවද වාර්තා වෙයි.

චීනයෙන් සහ වියට්නාමය වෙතින් වනසත්ව වෙළෙඳාමට ලැබී ඇති අධික ඉල්ලුම හේතුවෙන් කාම්බෝජය මේ වනවිට මෙම වෙළෙඳාමේ බෙදාහැරීම් මූලස්ථානයක් බවට පත්ව ඇති බවද කියැවෙයි.

මෙම කන්ටේනරයේ වූ මාබල් තොගයක් අතර ඇත් දළ සඟවා තිබූ බවද රේගු නිලධාරීන් වැඩිදුරටත් පවසා තිබේ.

Rate this item
(0 votes)