April 24, 2024

අයිස් මැරතන් තරගය නිමවෙයි

December 20, 2018

වාර්ෂික ඇන්ටාක්ටිකා අයිස් මැරතන් තරගාවලිය පසුගියදා නිමාවට පත්වුණි.

ඊට රටවල් 15ක් නියෝජනය කරමින් තරගකරුවන් 57 දෙනෙකු සහභාගිවී සිටියේය.

ශීත ඍතුවේ පැවැත්වෙන ඉසව් අතරින් අයිස් මැරතන් තරග වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

පසුගිය කාලයේ රටවල් රැසකම අයිස් මැරතන් ධාවන තරග පැවැත්වුණි.

ඒ අතරින් ඇන්ටාක්ටිකා අයිස් මැරතන් ධාවන තරගය පිළිබඳව විදෙස් මාධ්‍ය දැඩි අවධානයක් යොමු කර තිබුණි.

දැඩි ශීත කාලගුණය යටතේ පැවති තරගය සඳහා රටවල් 15කින් තරගකරුවන් 57 දෙනෙකු සහභාගිවූ බවත් සඳහන්ය.

පෙර වසර වලට සාපේක්ෂව මේ වසරේදී කාලගුණය ඉතා රළු වූ බවත් පැවසෙයි.

එහිදී පැය තුනයි මිනිත්තු 49කදී තරගය අවසන් කරමින් පිරිමි අංශයේ ජයග්‍රහණය පෝලන්ත ජාතික පියොත්‍ර සුහෙන්යා හිමිකරගත්තේය.

එහි කාන්තා අංශයේ ජයග්‍රහණය හිමිවුණේ පැය 5යි මිනිත්තු 3කදී තරගය අවසන් කළ ලිතුවේනියානු ජාතික රෝමා පුයිසීන්ටයි.

 

Rate this item
(0 votes)