April 25, 2024

පතලක සිදුවූ අනතුරකින් 7කට දිවි අහිමි

December 17, 2018

නිරත දිග චීනයේ චොන්කිංග් ප්‍රදේශයේ පතලක සිදුවූ අනතුරකින් පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් තිබේ.

අනතුරෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලේය.

පතලේ කොටසක් කඩා වැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්ය.

පතල් කර්මාන්තය ආශ්‍රිතව සිදුවන මෙවැනි අනතුරු චීනයෙන් බහුලව වාර්තා වන අතර පසුගිය ඔක්තෝබර් මාසයේ එරට ෂැන්ඩොන් ප්‍රදේශයේ පතලක සිදුවූ අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

Rate this item
(0 votes)