April 24, 2024

ජනපතිට මරණ තර්ජන

December 14, 2018

තමා ඝාතනය කිරීමට අමෙරිකාව උත්සහ දරන බවට වෙනිසියුලානු ජනාධිපතිවරයා චෝදනා එල්ල කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ මාධ්‍යවේදීන් හමුවේ මේ බව ප්‍රකාශ කර ඇති බවයි.

වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකානු  ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බොල්ටන් පෞද්ගලිකව මෙම කුමන්ත්‍රණය පිටුපස සිටින බවයි.

කෙසේවෙතත් අදාල චෝදනා සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරිමට වෙනිසියුලානු ජනාධිපතිවරයා සමත් වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Rate this item
(0 votes)