March 29, 2024

ජනාධිපතිවරණ ප්‍රතිඵලයට වැසියන් එරෙහි වෙයි

December 04, 2018

ජෝර්ජියාවේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය එරට තුළ දැඩි අර්බුදයකට හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට ජනාධිපති ධුරයට පළමුවරට කාන්තාවක් තේරී පත් වූ අවස්ථාව ලෙස එම මැතිවරණය සුවිශේෂී වෙයි.

ජෝර්ජියාවේ ජනාධිපතිවරණ ප්‍රතිඵලයට විරුද්ධව එරට වැසියන් වීදි බැස තිබේ.

ඊට විරෝධය පළකරමින් තිබිලිසි අගනුවර පැවති විරෝධතාවට දහස් ගණන් පිරිස් එක්ව සිටි බව පැවසෙයි.
 
මේ අතර මැතිවරණයෙන් පරාජය වූ ග්‍රිගොල් වැෂඩ්සේ මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධව අධිකරණයට යෑමට සූදානමින් සිටියි.

එම මැතිවරණය සාපරාධී නාටකයක් බව ඔහු වැඩිදුරටත් පවසයි.

මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ඔහුගේ ප්‍රතිවාදිනිය වූ සැලොම් සුරබිෂිවිලිට සියයට 59ක ඡන්ද ප්‍රතිශතයක් ලැබී ඇති අතර එහිදී ග්‍රිගොල්ට ලබාගත හැකිවූයේ සියයට 40 ක ඡන්ද  ප්‍රතිශතයක් පමණයි.

ඒ අනුව ජෝර්ජියා ජනාධිපති ධුරයට පළමුවරට කාන්තාවක් තේරී පත් වූ අවස්ථාව මෙයයි.

ප‍්‍රංශ විදේශ සේවයක කටයුතු කළ ඇය 2003 වසරේදි තානාපතිවරියක ලෙස ද කටයුතු කර තිබේ.

ඇය රුසියාව සහ බටහිර ජාතින් සමඟ සබදතා ශක්තිමත් කරගැනීමට අපේක්ෂාවෙන් පසුවෙයි.

ඇයට එරෙහිව මෙලෙස දැඩි ජනතා අප්‍රසාදයක් පළවීමට එයද හේතු වී ඇති බව දැක්වෙයි.

මේ අතර ග්‍රිගොල් සිය ආධාරකරුවන් අමතමින් පවසා ඇත්තේ මෙය විසඳා ගැනීමට පාර්ලිමේන්තු මැතිවරණයක් ඉතා ඉක්මනින් පැවැත්විය යුතු බවයි.

Rate this item
(0 votes)