April 25, 2024

සුපිරි නිලි ප්‍රියංකා චොප්රා විවාහ වෙයි

December 03, 2018

සුපිරි බොලිවුඩ් නිලි ප්‍රියංකා චොප්රා සහ අමෙරිකානු ගායන ශිල්පී නික් ජොනාස්ගේ විවාහ මංගල උත්සවය ඉන්දියාවේ දී අති උත්කර්ෂවත්ව පවත්වා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ ජෝද්පුර් උමෙයිද් බවන් රාජකීය මන්දිරයේදී ක්‍රිස්තියානි සම්ප්‍රදානුකූලව එම විවාහ චාරිත්‍ර සිදුව ඇති බවයි.

අද දින හින්දු චාරිත්‍ර අනුව උත්සවයක් ද පැවැත්වීමට නියමිතයි.

ප්‍රියංකා චොප්රා සහ නික් ජොනාස් අතර විවාහ ගිවිස ගැනීම මීට මාස 04කට පෙර සිදුවිය.

විවාහ දිවියට එළඹී ජොනාස් 26 හැවිරිදි වියේ පසු වන අතර ප්‍රියංකා චොප්රාගේ වයස අවුරුදු 36ක් වෙයි.

Rate this item
(0 votes)