March 29, 2024

සිය ස්වාමි දියණිය මියගිය ස්ථානයේ දින 80ක් රැඳී සිටින සුනඛයෙක්

December 01, 2018

තම ස්වාමි දියණිය මිය ගිය ස්ථානයේ දින 80 ක් රැඳී සිටි සුනඛයෙකු පිළිබඳ චීන සමාජ මාධ්‍ය ජාල පරිශීලකයන්ගේ දැඩි අවධානය යොමු වී ඇත.

මෙම සුනඛයා ඉතා කාර්යබහුල මාර්ගයක් මධ්‍යයේ රැඳී සිටිනු දක්නට ලැබ තිබේ.

'සිනා වයිබෝ' බ්ලොග් අඩවිය හරහා මෙම සුනඛයාගේ වීඩියෝව මිලියන දෙකකට ආසන්න පිරිසක් නරඹා තිබිණි.

අගෝස්තු 21 වෙනිදා සිය ස්වාමි දියණිය මියගිය දින සිට සෑම දිනකම මෙම සුනඛයා මාර්ගයේ එක් ස්ථානයක රැඳී සිටිනු දක්නට ලැබිණි.

මිනිසුන් උදව් කිරීම සඳහා ඉදිරිපත් වූ විට සුනඛයා පළා යන බව කුලී රථ රියැදුරෝ පවසති.

Rate this item
(0 votes)