April 19, 2024

යානය සෙවීමට බාධා

අතුරුදහන් වූ ගුවන් යානය පිළිබඳව ඉන්දීය සාගරයේ කෙරෙන ජාත්‍යන්තර සෝදිසි මෙහෙයුම් අයහපත් කාලගුණය හරස් වීම නිසා අර්ධ වශයෙන් අත්හිටුවා ඇති බව බීබීසි ප්‍රවෘත්ති සේවය පවසයි.

මේ වනවිට මෙහෙයුම් කෙරෙන සාගර කලාපය තුළ පවතින සැඩ සුළං සහ වර්ෂාව නිසා කිසිවක් දර්ශනය කළ නොහැකි බව මෙහෙයුම් සිදුකරන බලධාරියෙකු පවසා තිබේ.

මෙහෙයුම් ගුවන් යානා ආපසු පර්ත් නුවර ගුවන් කඳවුරට කැඳවා ඇති නමුත් සෙවීමේ කටයුතු වල නිරතව සිටින නෞකා දිගටම මෙහෙයුම් කර ගෙන යාමට උත්සාහ කරන බව ඔස්ට්‍රේලියානු බලධාරීන් පෙන්වා දෙයි.

ප්‍රංශ චන්ද්‍රිකා ඡායාරූප වලට හසු වූ සුන් බුන් තොගය පවතින ප්‍රදේශය කෙරෙහි ඔවුන්ගේ වැඩි අවධානය යොමු වී තිබේ.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 27 March 2014 17:11