April 24, 2024

නත්තල වෙනුවෙන් සත්වෝද්‍යානය සැරසෙයි

November 25, 2018

එළඹෙන නත්තල් සමය වෙනුවෙන් ලන්ඩන් සත්වෝද්‍යානය සැරසීමට එහි බලධාරීන් කටයුතු කර ඇත.

මේ දිනවල උද්‍යානය නැරඹීමට එන කාගේත් අවධානයට යොමුව ඇත්තේ ඒ වෙනුවෙන්ම ආලෝක බුබුලු යොදාගෙන නිර්මාණ කර ඇති සත්ත්ව අනුරූ වෙතටය.

ලන්ඩන් සත්වෝද්‍යානයේ සතුන් 19000ක් වාසය කරන අතර රාත්‍රී කාලයේ ඔවුන් විවේක ගන්නා බැවින් මෙසේ ආලෝක බුබුලු යොදාගෙන සතුන්ගේ අනුරූ නිර්මාණ කළ බව බලධාරීන් පවසා සිටියි.

ඒ අනුව ජිරාෆ්, පෙන්ගුවින් සහ ෆ්ලෙමින්ගෝ ඇතුලු සතුන් මේ සඳහා යොදාගෙන ඇති බවද සඳහන්ය.

මේ හේතුවෙන් රාත්‍රී කාලයේදී පවා ලන්ඩන් සත්වෝද්‍යානය කාර්යබහුල වී ඇති අතර එලෙස පැමිණෙන සංචාරකයන් මේ අපූරු අනුරූ සමඟින් ඡායාරූප වලට පෙනී සිටීමටත් කැමැත්තක් දක්වන බව විදෙස් වාර්තා සඳහන් කර ඇත.

ලන්ඩන් සත්වෝද්‍යාන නත්තල් අසිරිය ලබන වසරේ ජනවාරි මස පළමුවැනිදා දක්වා දැකගැනීමට හැකි බව බලධාරීන් වැඩිදුරටත් පැවසා ඇත.

Rate this item
(0 votes)